ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දෙන පෙළඹවීමේ දීමනාව සම්පූර්ණයෙන්ම නවතා ඇති බව බවට පලවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරමින් ආරක්ෂක අමාත්‍යාංශ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සැප්තැම්බර් මස 22 දායින් පසු ප්‍රභූ රාජකාරියේ නොයෙදෙන බැවින් ඔවුන්ට ගෙවන ලද පෙළඹවීමේ දීමනාව සැප්තැම්බර් මස 22 දින දක්වා පමණක් හිමිවන බවය.
එබැවින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දෙන පෙළඹවීමේ දීමනාව සම්පූර්ණයෙන්ම නවතා ඇති බවට පලවන පුවත කරුණු විකෘති කිරීමක් බව දන්වන ආරක්ෂක අමාත්‍යාංශය
ආරක්ෂක මාණඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක රාජකාරියට යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම නතරකොට නොමැති බව ද දන්වා සිටී. – ලංකාදීප







