අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රිපෝෂ සමාගම කොටි 20ක් වැය කර ත්‍රිපෝෂ බිස්කට් හදන්න ගෙනා යන්ත්‍රයෙන් එක බිස්කට් එකක්වත් මේ වනතුරු හදලා නෑ…

by editor
නොවැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

  • කෝටි 20ක් වැයකොට මිලදිගත් යන්ත්‍රයෙන් කිසිදු ප්‍රයෝජනයක් අරගෙන නැහැ.

  • පුහුණු කටයුතු සඳහා ජපානයට යාමට නිලධාරින් 04 දෙනෙකුට පනස්තුන් ලක්ෂයක් වැයකරලා.

  • යන්ත්‍රය තැබිමට ගොඩනැගිල්ල ඉදිකිරිමට කෝටි 02කට ආසන්න මුදලක් වැයකරලා… මේ දක්වා කිසිදු බිස්කට් වර්ගයක් නිෂ්පාදය කොට නැහැ.

ත්‍රිපෝෂ සමාගම විසින්  පෝෂ්‍යදායි  බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කිරිම සඳහා  මිලදීගෙන තිබු යන්ත්‍රය සහ  එම යන්ත්‍රය  තැබීමට ඉදිකකොට තිබු ගොඩනැගිල්ල සඳහා රුපියල්  විසිදෙකෝටි, අසුදෙලක්ෂ, පනස්හතරදහස් විසිහයක  (228,254,026) මුදලක් වැයකොට තිබුනද    එම යන්ත්‍රය හා ගොඩනැගිල්ල  මේ දක්වා  නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ත්‍රිපෝෂ සමාගම විසින්  රුපියල්  විසිකෝටි, අනු දෙලක්ෂ,හෑත්තෑ හතර දහස්,පන්සිය අසු අටක (209,274,588) මුදලක් වැයකොට  මෙම යන්ත්‍රය ජපානයේ  සමාගමකින් ආනයනය කොට තිබුණි.

ඒ  2020 වර්ෂයේ ජුනි මාසයේ දී ය. මෙම යන්ත්‍රය මෙරටට ආනයනය කිරීමට පෙර  පුහුණු කටයුතු සඳහා නිලධාරින් 04 දෙනෙකු  ජපානයට ගොස් තිබු අතර ඒ සඳහා රුපියල්  පනස්තුන් ලක්ෂ, හතලිස් අට දහස්, නමසිය හතලිස් හයක (5,348,946) මුදලක් වැයකොට තිබුණි.

යන්ත්‍රය තැබිම සඳහා ගොඩනැගිල්ල ඉදිකර තැබීම සඳහා රුපියල්  එක්කෝටි, අසු නව ලක්ෂ, හෑත්තෑ නම දහස් ,හාරසිය තිස් අටක මුදලක්(18,979,438) වැයකොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

විගණිත දිනය වු 2022 වර්ෂයේ අප්‍රේල්  මාසය වන විටත්  බිස්කට් නිෂ්පාදනය ආරම්භකොට නොතිබුණි. පුහුණු කටයුතු වෙනුවෙන් දරනු ලැබු වියදම 5,348,946ක  අනාර්ථික වියදමක්  වි  ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ සම්බන්දව ත්‍රිපෝෂ සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  වර්තමානයේ පවතින අමුද්‍රව්‍ය හිඟය විසඳා ගැනීමෙන් පසුව  ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර  ඇති බවය.

එසේ ත්‍රිපෝෂ නිෂ්පාදනයෙන් ලැබෙන  ත්‍රිපෝෂ පිටි භාවිතයෙන්  මෙම  බිස්කට් වර්ගය  නිපදවීමේ කටයුතු ආරම්භකොට ඇති බවය.

ශ්‍රී ලංකා  ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු සදහන් වේ.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දළදා මාළිගාවේ ලක්ෂ 27ක  විදුලි බිල අඩකටත් වඩා අඩුවෙයි… ගැටලුව විසඳෙයි!

Next Post

තරු පහේ “පෙන්ෂන් පාටිවලට“ රජයේ මුදල් වැය කිරීම තහනම් !

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.