ලලිත් චාමින්ද
-
කෝටි 20ක් වැයකොට මිලදිගත් යන්ත්‍රයෙන් කිසිදු ප්‍රයෝජනයක් අරගෙන නැහැ.
-
පුහුණු කටයුතු සඳහා ජපානයට යාමට නිලධාරින් 04 දෙනෙකුට පනස්තුන් ලක්ෂයක් වැයකරලා.
-
යන්ත්‍රය තැබිමට ගොඩනැගිල්ල ඉදිකිරිමට කෝටි 02කට ආසන්න මුදලක් වැයකරලා… මේ දක්වා කිසිදු බිස්කට් වර්ගයක් නිෂ්පාදය කොට නැහැ.
ත්‍රිපෝෂ සමාගම විසින් පෝෂ්‍යදායි බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කිරිම සඳහා මිලදීගෙන තිබු යන්ත්‍රය සහ එම යන්ත්‍රය තැබීමට ඉදිකකොට තිබු ගොඩනැගිල්ල සඳහා රුපියල් විසිදෙකෝටි, අසුදෙලක්ෂ, පනස්හතරදහස් විසිහයක (228,254,026) මුදලක් වැයකොට තිබුනද එම යන්ත්‍රය හා ගොඩනැගිල්ල මේ දක්වා නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ත්‍රිපෝෂ සමාගම විසින් රුපියල් විසිකෝටි, අනු දෙලක්ෂ,හෑත්තෑ හතර දහස්,පන්සිය අසු අටක (209,274,588) මුදලක් වැයකොට මෙම යන්ත්‍රය ජපානයේ සමාගමකින් ආනයනය කොට තිබුණි.
ඒ 2020 වර්ෂයේ ජුනි මාසයේ දී ය. මෙම යන්ත්‍රය මෙරටට ආනයනය කිරීමට පෙර පුහුණු කටයුතු සඳහා නිලධාරින් 04 දෙනෙකු ජපානයට ගොස් තිබු අතර ඒ සඳහා රුපියල් පනස්තුන් ලක්ෂ, හතලිස් අට දහස්, නමසිය හතලිස් හයක (5,348,946) මුදලක් වැයකොට තිබුණි.
යන්ත්‍රය තැබිම සඳහා ගොඩනැගිල්ල ඉදිකර තැබීම සඳහා රුපියල් එක්කෝටි, අසු නව ලක්ෂ, හෑත්තෑ නම දහස් ,හාරසිය තිස් අටක මුදලක්(18,979,438) වැයකොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
විගණිත දිනය වු 2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විටත් බිස්කට් නිෂ්පාදනය ආරම්භකොට නොතිබුණි. පුහුණු කටයුතු වෙනුවෙන් දරනු ලැබු වියදම 5,348,946ක අනාර්ථික වියදමක් වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ සම්බන්දව ත්‍රිපෝෂ සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ වර්තමානයේ පවතින අමුද්‍රව්‍ය හිඟය විසඳා ගැනීමෙන් පසුව ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවය.
එසේ ත්‍රිපෝෂ නිෂ්පාදනයෙන් ලැබෙන ත්‍රිපෝෂ පිටි භාවිතයෙන් මෙම බිස්කට් වර්ගය නිපදවීමේ කටයුතු ආරම්භකොට ඇති බවය.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු සදහන් වේ.







