ජාතික රෝහලේ විකිරණ අංශයේ තාක්ෂණවේදීන් දසදෙනෙකුට මේ වනවිට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් විකිරණ කටයුතු කර ගෙන යාමේ දැඩි අපහසුවක් මතුව ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණ කමිටුවේ සභාපති ඈපා ධර්මකීර්ති සඳහන් කරයි.
මේ අතර හදිසි අනතුරු විකිරණ අංශයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල හය දෙනෙකු කොවිඩ් ආසාදනය වී ඇතැයිද ඔහු පවසයි.
දැනට රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් 124 දෙනෙකුගේ අවශ්‍යතාව තිබුණද මේ වන විට සිටින්නේ 68 දෙනෙකු පමණක් යැයිද එවන් තත්ත්වයක් තුළ එම නිලධාරීන් කොවිඩ් වසංගතයට ගොදුරුවීමෙන් රෝහලේ විකිරණ කටයුතු කරගෙන යාමේ දැඩි අපහසුතාවන් මතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
රෝගීන්ට සිදුකිරීමට නියමිත විකිරණ පරික්ෂණයන් නිසිවේලාවට සිදුකර ගැනීමට නොහැකි වීම තුළ සැත්කම්, අවශ්‍ය අනෙකුත් පරික්ෂණයන් හා ප්‍රතිකාරයන් ද ප්‍රමාද වන බව ඔහු කියයි.







