ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධව මෙරට ක්‍රියාත්මක වූ තවත් ප්‍රධාන පෙළේ ජපාන සමාගමක් වන් ටායිසෙ සමාගමද ශ්‍රි ලංකාවේ මෙහෙයුම කටයුතු නතර කිරීමට තීරණය කර ඇති බව ඒසියා නිකේකෙයි වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම සමාගම වසර ගණනාවක් ශ්‍රි ලංකාවේ ක්‍රියා කළ අතර ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (ජයිකා) ණය ආධාර මත ක්‍රියාත්මක වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව පර්යන්ත සංකීර්ණය ඉදි කිරීම් භාරව කටයුතු කළේ ද මෙම සමාගමෙ.
ජයිකා ආධාර මත ක්‍රියාත්මක වන කටුනායක ගුවන් තොටුපළේ දෙවන අදියර ව්‍යාප්ත කිරීමේ සැලසුම් අමෙරිකානු ඩොලර් බිලියන 62ක ව්‍යාපෘතියකි.
ශ්‍රි ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය මත ජයිකා ආයතනය මෙම ව්‍යාපෘතියට අදාළ මූල්‍ය පහසුකම් ලබා දීම මේ වනවිට නතර කර ඇති අතර ඒ හේතුවෙන් ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට මුදල් මේ වනවිට නොමැති තත්ත්වයක්ද නිර්මාණය වී ඇත.
කෙසේ වුවද ශ්‍රි ලංකාවේ පවතින තත්වය මත සිය ව්‍යාපාර මෙහෙයුම් අතහැරීමට ඔවුන් තීරණය කර ඇති අතර ඒ සඳහා බලපෑ නිශ්චිත හේතුව ඔවුන් දක්වා නැති බවද ඒෂියා නික්කෙයි වෙබේ අඩවිය පවසයි.
ජයිකා ආයතනය ගුවන් කොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය තනිකරම අත්හැරීමට සූදානම් නොවන බවත් මෙම සමාගම ශ්‍රි ලංකාවෙන් පිටව ගියහොත් නව ඉදිකිරීම් සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට නියමිත බවත් වාර්තා වේ.
මේ වනවිට චීන සමාගමක් එම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට කැමැත්ත පළ කර ඇතත් ජපාන ආධාර මත එය ඉදිවන්නේ නම් අදාළ කොන්ත්‍රාත්තුව ජපාන සමාගමකටම හිමි විය යුතු වේ.
මෙම වසර තුළ ශ්‍රි ලංකාවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් ඉවත් කර ගන්නා බව ප්‍රකාශ කළ දෙවන ජපාන සමාගම මෙය වන අතර ඉදිකිරීම් සහ ආනයන ක්ෂෙත්‍රයට සම්බන්ධව සිටි මිට්ෂුබිසි ආයතනයද ලබන මාසයේ සිට ශ්‍රි ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් නවත්වන බව ට නිවේදනය කළේය.







