අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණ හඬට සවන් දෙන්න සූදානම්… සර්ව පාක්ෂික රජයකට එන්න  -අගමැති දේශපාලන පක්ෂවලට කියයි!

අගමැති දළදා වඳින්න නුවර එයි - ජනපති දැකුම මග හැරි වසන්ත යාපා උදේන කිරිඳිගොඩ අගමැති දකින්න යති...

by editor
ජූලි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තරුණ හඬට සවන් දෙමින් පාර්ලිමේන්තුව හරහා ඊට සුදුසු ගමන් මඟ සකස් කරන බවත් පුද්ගලික අංශයේ හෝ රටේ කිසිම තැනක කිසිම නීති විරෝධී කටයුත්තකට මින් මතු ඉඩ නොතබන බවත්  අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  ප්‍රකාශ කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන භේදයෙන් තොරව සියලු දෙනාට එක්වන ලෙස ආරාධනා කරන බව ද ඔහු පැවසීය.

අගමැතිවරයා අද (31)  මේ බව ප්‍රකාශ කළේ   මහනුවර පැමිණි   ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

මහනුවර පුරපති කේසර සේනානායක  විසින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී අග්‍රමාත්‍යවරයා පිළිගන්නා ලදි. ශ්‍රී දළදා මාලිගාවේදී ඔහුව පිළිගනු ලැබුවේ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත   විසිනි.

දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා, සිය සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක් තැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අගමැතිවරයා මෙම තීරණාත්මක අවස්ථාවේදී රට මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා රජය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසට සියලු දෙනාට ඇරයුම් කරන බව කීවේය.

රටේ සියලු පාර්ශව සමඟ මිත්‍රත්වයෙන් හා අන්නොන්‍ය  විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නේ රජය වන බැවින් හදිසි නීතිය සම්මත කරනු ලැබුවේ සියලු පාර්ශවයන්ගේ ආරක්ෂාව හා රට තුළ සාමය ස්ථාපිත කිරීම සඳහා යැයි  ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ තමන් මේ වන විට තානාපතිවරු ඇතුලු ජාත්‍යන්තර සබඳතා දැනුවත් කොට සහයෝගය ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ද අග්‍රමාත්‍යවරයා කීවේය. රටට නීතියක්, රීතියක් මෙන්ම නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක වන්නේ සියලු රට වැසියන්ගේ යහපත පිණිස යැයි ද අගමැතිවරයා කීවේය.

රජය පමණක් නොව පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය රටේ ජීවනාලිය වන බැවින් කඩාකප්පල්කාරී ක්‍රියා, නීතියෙන් බාහිර ක්‍රියා  සිදුකිරීමට අවස්ථාව නොදෙන බව ද ඔහු කීවේය.

අධිකරණයට ගරු කරන රජයක් වශයෙන් අධිකරණ තීන්දු හිසනමා පිළිගන්නා බවත් ඕනෑම අයෙකුට අධිකරණයේ පිහිට පැතීමේ අයිතියට ගරු කරන බව හෙතෙම සඳහන් කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල, පුරපති කේසර සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, සිසිර ජයකොඩි, වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්   ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිඥ සංගමය ජූලි මස පුරා නික්තු කළ සියලුම ලේඛණවලට   විධායක කමිටුවේ ඒකමතික පූර්ණ අනුමැතිය…

Next Post

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් පලා යති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.