ලලිත් චාමින්ද –
අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු ඇඹිලිපිටිය මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් සිටියදි ඇඹිලිපිටිය මහාධිකරණය අසලදි බන්ධනාගාර නිලධාරින්ගේ ග්‍රහනයෙන් මිදි පලාගොස් ඇති බැව් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මෙකි රැදවියන් දෙදෙනා ඉකුත් 29 වැනිදින ඇඹිලිපිටිය මහාධිකරණය වෙත ඉදිරිපත් කිරිම සඳහා රැගෙන විත් ඇත.
රැඳවියන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත්කොට යලි රැගෙන එද්දි බන්ධනාගාර නිලධාරින්ගේ භාරයෙන් මිදි අධිකරණය අසලදි මාංචු පිටින්ම වෙනත් වාහනයකට ගොඩවී පලාගොස් ඇති බවට තොරතුරු ලැබි ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ පිළිබද විමර්ශනයක් ආරම්භකොට ඇති බවද චන්දන ඒකනායක පවසයි.
බන්ධනාගාර නිලධාරින්ගේ භාරයෙන් මිදී පලාගොස් ඇත්තේ ස්ත්‍රි දුෂණයක් සිදුකිරිමේ වරදට බන්ධනාගාරගතව සිටි 31 හැවිරිදිවියේ පසුවන රැඳවියෙකු හා මත්කුඩු ළග තබාගැනිමේ වරදට බන්ධනාගාරගතව සිටි 27 හැවිරිදිවියේ පසුවන රැඳවියෙකි.