කීර්ති ප්‍රනාන්දු
තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් සහ එම සමාගම්වල අලෙවි නියෝජිතයින් හිතු හිතු අන්දමින් තිරිඟු පිටි මිල වැඩි කරන බව බේකරි හිමියෝ චෝදනා කරති.
විශේෂයෙන් පිටි ප්‍රවාහනය කිරීමේදී ඩීසල් අර්බුදය මුල් කරගෙන පිටි සමාගම් සහ අලෙවිය නියෝජිතයෝ මෙම ගසාකෑම සිදුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි .
මෙම හිතුවක්කාරී ක්‍රියාකලාපය නිසා බේකරි හිමියෝ අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසයි
අලවි නියෝජිතයන් හිතුවක්කාරී ලෙස සිදුකරන මෙම මිල ඉහළ දැමීම සම්බන්ධව පිටි සමාගම් දෙකට පැමිණිලි කළද එයට යහපත් ප්‍රතිචාරයක් සමාගම් වලින් නොලැබෙන බවද ඔහු කියා සිටී .
කිලෝ 50 කින් යුත් තිරිඟු පිටි ඇසුරුමක් රුපියල් දහතුන් දහසක් වුවද මිල පාලනයක් නැති කමෙන් එම පිටි ඇසුරුමක මිල රුපියල් 13,400ක්13, 500 ක් වැනි වැඩි මිලකට බේකරි වලට ලබාදෙන බව ද ජයවර්ධන මහතා කියා සිටී .
අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස කලක් ප්‍රකාශයට පත්කර තිබූ තිරිඟු පිටි වල මිල පාලනයෙන් ඉවත් කිරීමෙන් පසු පිටි සමාගම් සහ ඔවුන්ගේ අලෙවි නියෝජිතයන් හිතුවක්කාරී ලෙස පිටි මිල වැඩි කරන බව පවසන සභාපතිවරයා තිරිඟු පිටි සඳහා යළි පාලන මිලක් ප්‍රකාශයට පත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා සිටින බවද කියා සිටී .