දිනසේන රතුගමගේ-
ගසක දෙබලක සිරවී සිටි ඉතා දුර්ලභ හා වදවී යාමේ තර්ජනයකට ලක්ව සිටින බවට සැලකෙන විදේශීය පක්ෂියෙකු යාපනයේ වඩමරච්චි උතුර ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් බේරාගෙන වනජීවී නිලධාරීන් වෙත 6 දා බාර දීතිබේ.
මෙම තරුණ කණ්ඩායම වන ජීවී ඡයාරූපකරණයේ නිරතවන පිරිසක් බව වාර්තා වේ.
වන ජීවී නිලධාරීන් ප්‍රකාශ කරන්නේ තරුණයින් විසින් බේරා ගන්නා ලද මෙම පක්ෂියා අප්‍රිකානු රටවලට අයත් සංචාරක පක්ෂියෙකු බවයි.
සුළු තුවාල ලබා සිටින පක්ෂියාට ප්‍රතිකාර කිරීමෙන් පසුව මේ දිනවල විදේශීය රටවල පක්ෂීන් පැමිණෙමින් සිටින යාපනයේ වඩමරච්චි උතුර ප්‍රදේශයේ කුරුලු පාරාදීසය වෙත මුදා හැරීමට පියවර ගන්නා බව වන ජීවී නිලධාරීන් කියා සිටියහ.