බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැස්ස අඩු වුණත් තවමත් ගං වතුර… මරණ 17යි… 02ක් අතුරුදන්

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88ක පවුල් 67613කට අයත් පුද්ගලයින් 271110ක් තවමත් පීඩාවෙන්....

by editor
ජූනි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

වර්ෂාපතනය අඩුවෙමින් පැවතියත් අත්තනගලු ඔය, කැලණි ගඟ හා කලු ගඟේ ජල මට්ටම් තවදුරටත් සැලකියයුතු මට්ටමක පවතින බැවින් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

විපත්වලින් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 02ක් අතුරුදන් ව ඇත.
දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88ක පවුල් 67613කට අයත් පුද්ගලයින් 271110ක් ජල ගැලීම්, නායයාම් විපත් ආදියෙන් පීඩාවට පත් ව සිටී.

සහන කඳවුරු 106ක් තවදුරටත් පවතින අතර ඒවායෙහි පවුල් 6177කට අයත් පුද්ගලයින් 26806ක් ද නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වල ද පවුල් 5710කට අයත් පුද්ගලයන් 22975 දෙනෙක් තාවකාලික ව රැ‍ඳී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කීවේ ය.

මියගොස් ඇති පිරිස වන්නේ කෑගල්ල අරනායක නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක ම පවුලේ 04 දෙනා ද ඇතුළු ව කෑගල්ල දිස්ත්‍රික්කයේ 05 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 04 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 03 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයේ 02 ක්, කොළඹ 01 අයෙක්, ගාල්ල 01 අයෙක් හා කලුතර 01 අයෙක් වශයෙනි.

කුරුණෑගල පඬුවස්නුවර නැගෙනහිර මොරගානේ දිය නෑමට ගිය පුද්ගලයෙක් හා ගංවතුරට ගසාගෙන ගිය කලුතර බුලත්සිංහල ඉහළ නාරගල වයස අවුරුදු 48 ක පුද්ගලයෙක් අතුරුදන් ව ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

තවදුරටත් අත්තනගලු ඔය ජල මට්ටම ඉහළ තත්ත්වයක පැවතීමෙන් මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන ප්‍රදේශ ආශ්‍රිත ව ද කලු ගඟ ආශ්‍රිත ගොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල, කලුතර ද කැලණි ගඟ ආශ්‍රිත දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ, වත්තල ද ජලයෙන් යට වී පවතින අතර එය ක්‍රමයෙන් පහළ බසිමින් පවතී.

තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්ප්නේ, උඩුනුවර, යටිනුවර, කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත, මතුගම, වලල්ලාවිට, හොරණ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කලවාන, අයගම, කුරුවිට, කිරිඇල්ල, නිවිතිගල, රත්නපුර, ඇළපාත, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, මාතලේ දිස්ත්‍රික්කයේ අඹගහකෝරළේ, පල්ලෙපොළ, යටවත්ත, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, වරකාපොළ, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, අරනායක ප්‍රදේශවලට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන ඒ අයුරින් ම බලාත්මක වන බව ජාතික ගොඩනැගිල්ල පර්යේෂණ ආයතනය දන්වා ඇත.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අනතුරුදායක ස්ථානවලින් ඉවත් නොවන අය වෙනුවෙන් දැඩි ව ක්‍රියා කිරීමට සිදු ව ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණ පිරිසක් දුර්ලභ සංචාරක පක්ෂියක් බේරා ගනී

Next Post

උපාධිය විහිලුවක් කරන ඔන් ලයින් විභාග

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.