දිනසේන රතුගමගේ –
යාපනයේ චුන්නාකම් මයිලන්කාඩු ප්‍රදේශියේ කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු කොරෝනා මර්දන රෝහලක් වෙත යාම ප්‍රතික්ෂේප කොට නිවෙස්වලින් පලා යාම නිසා යාපනයේ සෞඛ්‍ය බලධාරීන් 6 දා දැඩි අපහසු තත්ත්වයකට පත්ව සිටිති.
චුන්නාකම් ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් 10 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගැනීමෙන් පසුව ඔවුන්ව ප්‍රතිකාර සඳහා රැගෙන යාමට සෞඛ්‍ය නිලධාරීන් පැමිණි අවස්ථාවේ දී ඔවුන් පවසා ඇත්තේ ගිලන් රථවල පටවා ගෙන ඔවුන්ව රැගෙන ගිය හොත් සියදිවි හානි කරගන්නා බවයි.
ඒ අතරවාරයේ ඔවුන් නිවෙස්වලින් එලියට පැමිණ සැඟවීම නිසා සෞඛ්‍ය නිලධාරීන්ට හිස් අතින් ආපසු යෑමට සිදුව ඇති අතර ඔවුන් ඒ පිළිබඳව යාපනයේ කොරෝනා මර්දන කමිටුවට වාර්තා කිරීමෙන් පසුව ඔවුන්ව අල්ලා ප්‍රතිකාර සඳහා යොමු කිරීමට යුද හමුදාවට හා පොලීසියට බාර කොට තිබේ.