කොළඹ තරු පහේ හෝටලයක දින 18ක කාලයක් රැඳී සිට හෝටලයේ බිල නොගෙවා පළා ගිය හිමිනමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
මහියංගන ප්‍රදේශයේ පිහිටි පන්සලක සිට පැමිණි මෙම හිමිනම් අගෝස්තු 31 වැනිදා හෝටලයේ නවාතැන් ගෙන ඇති අතර දින 18ක කාලයක් එහි රැඳී සිට ඇත.
හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මෙම හිමිනම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝගබාධය සුව වූ පසුව හෝටලයේ බිල වන රුපියල් 527820ක මුදල ගෙවන්න යැයි එහි කාර්ය මණ්ඩලය දැනුම් දී තිබේ.
එහෙත් මෙම හිමිනම හෝටල් බිල නොගෙවා රෝහලෙන් පිටව මහියංගණ පන්සලට යෑම සම්බන්ධයෙන් හෝටල් කළමණාකාරීත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත. අනතුරුව හිමිනම මහියංගණ පන්සලේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර නොවැම්බර් 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.







