ඊයේ (29) රාත්‍රියේ රට පුරා හමා ගිය තද සුළං හේතුවෙන් කලාප කිහිපයක පුළුල් ලෙස විදුලිය ඇනහිටීම් සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය තහවුරු කර තිබේ.
බලපෑමට ලක් වූ ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කණ්ඩායම් දැනටමත් යොදවා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක ධම්මික විමලරත්න පැවසීය.
ප්‍රතිචාර දැක්වීමේ උත්සාහයන් විධිමත් කිරීම සඳහා සක්‍රිය කර ඇති CEB Assist ජංගම යෙදුම භාවිතයෙන් විදුලි බිඳවැටීම් වහාම වාර්තා කරන ලෙස විදුලි සැපයුම වැලැකුණු ප්‍රදේශවල ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින බව විදුලි බල මණ්ඩලය පවසයි.







