අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තත්ත්වයෙන් බාල නිර්වින්දන එන්නත තවත් මිනිස් බිල්ලක් ගනී… එන්නත විස වී මාසයක02ක් දැඩි සත්කාර ඒකකයේ සිටි විදුහල්පතිනියක් මිය යයි!

by editor
ජූනි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නිර්වින්දන එන්නතක් ලබා දීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටි 59 හැවිරිදි විදුහල්පතිවරියක් ඊයේ (16) අලුයම මියගොස් ඇත.

මියගිය එ.ජී කරුණාවතී නැමැති විදුහල්පතිනිය දෙදරු මවකි. ඇය  මහනුවර මාඋස්සාව කණිෂ්ඨ විදුහලේ විදුහල්පතිනිය ලෙස සේවය කරමින් සිට තිබේ.

හර්නියා රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙයට දෙමසකට පමණ ඉහත දී ඇය රෝහල් ගතව ඇත.

පසුගිය අප්‍රේල් මස සැත්කමට ලක්කළ අවස්ථාවේ ලබාදුන් එන්නතක් හේතූවෙන් ඇතිවූ සංකූලතා නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ විදුහල්පතිනිය මියයන තෙක්ම එහි ප්‍රතිකාර ලබමින් සිටියාය.

විදුහල්පතිනිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී දරු ප්‍රසූතියක් සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මවකට විදුහල්පතිනිය වෙත  ලබාදී තිබූ නිර්වින්ද එන්නතම  ලබා දීමෙන් සංකූලතා ඇති වූ අතර එම මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියාය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

අදාළ සිද්ධියෙන් පසු සංකූලතා ඇති කිරීමට හේතු වූ නිර්වින්දන එන්නත රෝගීන් සඳහා ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්හිටවනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කරමිනි.

මෙම සංකූලතාවය ඇති කරනු ලැබුවේ ඉන්දියාවේ  SP Accure Labs Pvt Ltd, ආයතනයෙන් මිලදි ගත් Propofol  500mg/50ml  එන්නතේ ඛාන්ඩ අංක 23CPF01 ඛාණ්ඩයේ  23CPF02 එන්නත්ය. මෙම එන්නත් ඛාණ්ඩ දෙකේ එන්නත් ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කෙරිනි.

දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ මවට ලබාදුන් එන්නත ඊට දින කිහිපකට පෙර විදුහල්පතිනිය වෙත ලබාදී තිබෙන බවත් සංකූලතා හේතුවෙන් තරුණ මව මියගිය බවත් පැවසූ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න  විදුහල්පතිනිය මාස දෙකකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ යැයි ද ප්‍රකාශ කළේය.

මියගිය විදුහල්පතිනිය ගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ  අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාවික හමුදා බසයක් – ලොරියක් ගැටී 2ක් මරුට – අයකුට බරපතළයි

Next Post

රුසියානු සහාය ගුවන් නියමුවෙක් කටුනායක හෝටලයක් තුළ ඇදවැටී මරුට…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.