ගිරිදර – දෙල්ගොඩ මාර්ගයේ මලිද ප්‍රදේශයේදී නාවික හමුදා කාර්ය මණ්ඩල බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
එක් අයෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු දොම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය කියා සිටියේය. අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා රාගම රෝහලට මාරුකර යවා ඇත.
මියගොස් ඇත්තේ හපුතලේ සහ දෙල්ගොඩ ප්‍රදේශවල පදිංචි 39 සහ 46 යන වයස්වල පසුවන්නන් වේ.