සූරියවැව නුවන් ජයසේකර –
පොලිස් හදිසි දුරකතන ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව තංගල්ල පොලිස් වසමට අයත් සිනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී මියගිය පුද්ගල මළ සිරුරු දෙකක් අද (22) පෙරවරුවේ සොයාගත් බවත් ඔවුන් සමග සිටි පුද්ගලයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර සිටිය දී මිය ගොස් ඇති බවත් තංගල්ල මුලස්ථාන පොලිසිය පවසයි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. මීට දින කීපයකට පෙර තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පිහිටි එම නිවසේ හිමිකරු වෙනත් පුද්ගලයෙකුට නිවස විකුණා තිබේ. පොලිසිය පැවසුවේ නිවස මිල දී ගත් පුද්ගලයා සේවකයින් තුන් දෙනෙක් යොදවා නිවස වටා තාප්පයක් ඉදි කිරීමට කටයුතු කර ඇත. එම නිවසේ සේවකයින් ඊයේ (21) රාත්‍රියේ මත් පැන් සාදයයක් පවත්වා ඇතැයි වාර්තා වේ.
සාදය අතර එක් අයෙක් රෝගී වී රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කළ පුද්ගලයාගේ ඥාතියෙක් කළ දැනුම් දීමකට අනුව නිවස පරීක්ෂා කිරීමේ දී පොලිසිය වි්සින් පුද්ගලයින් දෙදෙනෙක් නිවස තුළ මිය ගොස් සිටිය දී සොයා ගෙන ඇත.
අදාල නිවසේ මිදුලේ නවතා තිබු ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක්ද පොලිසිය විසින් පරික්ෂා කර ඇති අරත එහි අසුරා තිබු පෙට්ටි 10කින් පෙට්ටි 09ක අයිස් මත් ද්‍රව්‍ය යැයි සැක කල හැකි යමක් දියවි ගොස් ඇති අතර තවත් පෙට්ටියක තිබි අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 10කට වැඩි ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙම සැකකටයුතු මරණ පිළිබදව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව සිද්ධිය පිළිබදව තංගල්ල මුලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







