සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු සපයන ජනතාවගේ විස්තර වැලිකන්ද පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දෙනවා… නියෝජ්‍ය ඇමති හෙළි කරයි!

by editor
සැප්තැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ වැලිකන්ද පොලිසියට  තොරතුරු ලබාදුන් අයගේ විස්තර එම ජාවාරම්වල යෙදෙන අපරාධකරුවන් වෙත හෙළි කිරීමට ඇතැම් පොලිස් නිලධාරීන් කටයුතු කරන බවට වූ තොරතුරු තමන් වෙත ලැබී ඇතැයි  නිවාස සංවර්ධන සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත්  සඳහන් කළේය.

මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු වැලිකන්ද පොලිසිය වෙත ලබා දුන් පුද්ගලයින් එම  ජාවාරම්කරුවන්ගේ   මරණ තර්ජනවලට ලක් වී ඇති බව ද නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේ පොලිසියේ මේ හැසිරීම වෙනස් නොවන්නේ නම් ඒ සම්බන්ධව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග රජයක් ලෙස ලබා ගන්නා බවය.

“මේ තත්ත්වයන් මර්ධනය කිරීමේ අභියෝගය වත්මන් රජයට තියනවා. එය අප කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කිසිම දෙයක් වෙන්න තියන්නේ නෑ. නැවත මේ රටේ චන්ඩින්ට නම් ඉඩ නෑ… “ නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන වැඩසටහනට සමගාමීව පුනරුදයේ පුරවර පළාත් පාලන සතියට සමගාමීව වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදි වැලිකන්ද ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කර තිබූ ව්‍යාපාරික හමුවට  ඊයේ (21) සවස එක් වෙමින්  නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණයය කළේය. .

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

” ලංකාවෙම අඩු වයස් සීමාවකදී විවාහයට පත්වෙච්ච ඉහළම ස්ථානයක් ලබාගත්තු කොට්ඨාසයක් තමයි වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.  ඒ මත අවුරුදු විස්සෙදි පමණ වැඩි පිරිසක් විවාහ ජීවිතය විනාශ වෙනවා. ඒක වැලිකන්දට සමාජමය ප්‍රශ්නයක් වෙලා තියෙනවා.””

“වැලිකන්දේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය  මත් පෙති තියෙනවා, ඒ ගැන ජනතාව පොලිසියට කිව්වට   පස්සේ තොරතුරු ලබාදෙන අය ගැන පොලිසිය විසින්ම අපරාධකරුවන්ට කියනවා. මේක බරපතල ප්‍රශ්නයක්. “

“ලංකාවේ ඕනම කෙනෙක් දැනගන්න ඕන නීතිය සාධාරණයි කියලා. ධනපති පන්තියේ මුදුන් මල්කඩ වන රනිල් වික්‍රමසිංහ මහතාටත් අපි නීතිය ක්‍රියාත්මක කළා. අපි රනිල් වික්‍රමසිංහ දැම්ම ඇතුළට දැන් නඩු. නඩුවෙන් වැරදිකාරයා වුනොත් පක්ෂ දහයක්, පහළොවක්,  විස්සක් වුණත් වැඩක් නෑ.  වැරදිකරු උනොත් දඩුවම්. එනිසා අපටත් සියලු දෙනාටත් නීතිය සාධාරණ විය යුතුයි. “

මහා ලෙකුයි කී අපරාධකාරයෝ දැන් කොහෙද ඉන්නේ.  කෙහෙල්බද්දර පද්මෙලා, බැකෝ සමන්තලා  දැන්   සේරම වමාරනවා.  තව අපරාධකාරයො තිස් ගානක් ඉන්නවා. අපි රතු වරෙන්තු දැම්මා. ඒ ඔක්කොම ගේනවා.   අපි මේ ජනවරම ඉල්ලුවේ යුක්තියේ සාධාරණය ඉටුකරන්න. පාතාලය, මත්ද්‍රව්‍ය, කුඩු ඉවර කරන්න. එනිසා අපි පොලිසියට කියනවා දැන් පොලිසිය රාජකාරිය හරියට කරන්න. අපි ඒවට ඇඟිලි ගහන්න නෑ. එනිසා වැලිකන්දේ ඉන්න අපරාධකරුවන් ඇතුළට දාන්න. මත්පෙති, මත්ද්‍රව්‍ය නැති කරන්න. අපි ඒවට කිසිදු ආකාරයෙන් බාධාවක් කරන්නේ නෑ. ඒ අපරාධ ඉවරකරන්න අපිට කාලය දෙන්න.

මෙම අවස්ථාවට වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපති ඩී.ඩබ්ලිව්. වසන්ත, පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයින් සේම ‍ ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නිලධාරින් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසරේ ගෙවුන මාස 09 තුළ රටේ ජන ගහණයෙන් හතරෙන් එකක් පොලිස් පරීක්ෂාවට ලක් වෙලා…

Next Post

තංගල්ලේ නිවසකින් සැකකටයුතු ලෙස මියගිය පුද්ගල සිරුරු තුනක් සමග අයිස් තොගයක් හමුවේ!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.