සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය බරින් බේරෙන්න ලක්ෂ 20කට බෙලිඅත්තේ දී  මිනිස්සු 05ක් මැරූ මුද්දරගම කුලී ඝාතකයා ගේ කතාව!

by editor
පෙබරවාරි 3, 2024
in පුවත්
beliatta

ප්‍රධාන වෙඩික්කරු...

Share on FacebookShare on Twitter

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ  ප්‍රධාන කුලී ඝාතකයාවූ  පල්ලෙවෙල මුද්දරගම පදිංචිව සිටි විශ්‍රාමික නාවික හමුදා සෙබලා මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා ගන්නේ තමන් සිරවී සිටි දැඩි ණය බරින් මිදීමට බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

නාවික හමුදාවේ වසර 22ක සේවයකින් පසු විශ්‍රාම ලබා සිටින සෙබළෙක් වන ඔහු චමිපික ප්‍රසන්න කුමාරය. පල්ලෙවෙල පොලිස් වසමේ පාතගම, මුද්දරගම පදිංචිකරුවෙක් වන ඔහුව මෙම ප්‍රහාරයට සම්බන්ධ කරගෙන ඇතැයි පැවසෙන්නේ බූස්සේ හර්ෂ නැමැති අපරධකරු විසින් . ඒ ඔවුන් දෙදෙනා නාවික හමුදා සේවයේ එකට සිටියදි ඇතිකරගත් මිත්‍රත්වය මුල් කරගෙනය.

රටින් පැන ගිය ප්‍රධාන ඝාතකයා… ඔහුගේ මුහුණ කටුනායක මුහුණු හඳුනා ගැනීමේ මැෂිමට දුන්නලු….

විමර්ශනවලින් මේ වන විට හෙළිවී ඇති අකාරයට අනුව මෙම නාවික සෙබළා බෙලිඅත්තේ ප්‍රහාරයට සම්බන්ධ වී ඇත්තේ දැඩි අගහිඟකම්වලින් මිරීකී සිටි බැවින් එයින් මිදීමට මඟක් ලෙසිනි. ඒ හතර වටේටම ණය වී නිවෙසේ ඔප්පුව පවා උකසකට තබා ඇති පසුබිමකය.

බූස්සේ හර්ෂ මේ වැඩේට ඔහුව සම්බන්ධ කරගෙන ඇතැයි පැවසෙන්නේ රුපියල් ලක්ෂ 20 මුදල් පොරොන්දුවක් මතය. ඒ ලද මුදල්වලින් ඔහු ග්‍රාමීය බැංකුවට ඔප්පුව උකසට තබා ලබාගත් ලක්ෂයකට ආසන්න හිග ණය මුදල ඇතුළු හතර වටේට තිබුණු ණය ගෙවා දමා තිබුණේය.

ණය බරින් මිරිකී සිටි ප්‍රසන්න කුමාර ණය බරින් නිදහස් වෙමින් බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ වන්නට මුද්දරගම පිහිටි සිය නිවෙසින් පිටත්ව යන්නේ 21 වෙනිදා සවස් කාලයේදීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මගී බස් රථ කිහිපයකට මාරු වෙමින් ඔහු කඹුරුපිටියට පැමිණ ඇත්තේ 22 වෙනිදා උදෑසනය. එදා ඔහුව ජිප් රථයට ගොඩ කරගත්තේ යැයි කියැවෙන්නේ ද කඹුරුපිටියෙනි. එදා ඔහු සිය බිරියට බෙලිඅත්තේ සිට දුරකතන ඇමතුමක් ගෙන පවසන්නේ තමාගේ දුරකතනය නැති වූ බවය. එම ඇමතුම පවා ඔහු ලබා ගත්තේ යැයි කීවේ ත්‍රීරෝද රථ රියදුරෙකුගෙනි.

ප්‍රසන්න කුමාර සතුව ඒ වන විට දුරකතනයක් නොවූ බැවින් එතැන් පටන් ඩුබායි සිටි හර්ෂ වට්ස්ඇප් ඇමතුම් ඔස්සේ සම්බන්ධ වූයේ යැයි කියන්නේ ප්‍රසන්නගේ බිරිය සමගිනි. ප්‍රසන්න බිරියට ඇමතුම් ගෙන හර්ෂ ලබාදුන් පණ්වුඩ දැනගෙන ඇති බව විමර්ශකයන්ගේ පැත්තෙන් කියැවෙන කතාවකි.

ඒ විමර්ශන තොරතුරුවලින් ඒ දේවල් හෙළිවී ඇති බැවිනි. ඒ අනුව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ මෙම පංච පුද්ගල ඝාතනයට ප්‍රසන්න කුමාරගේ බිරියගේ ද සක්‍රීය දායකත්වයක් ලැබී ඇති බවය. ඒ ගැන හැම තොරතුරක්ම හෙළිවන විට ප්‍රසන්න කුමාර රටෙත් නැත. ඒ ඔහු ඩුබායි බලා පලා ගොස් ඇති බැවිනි.

ඝාතනය සිදුවූ දා   කඹුරුපිටියෙන් ජිප් රථයෙන් බැස මාතර බලා යන බස් රථයක නැඟී අතුරුදන්වූ  මෙම පුද්ගලයා  ගුවන්තොටුපොළේ ස්ථාපිත කර ඇති මුහුණු මගින් පුද්ගලයන් හඳුනා ගන්නා දත්ත පද්ධතියට යොමුකරනු ලැබු බව පොලිසිය නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණත් ඝාතනයෙන් සතියකට පසු සිය සැබෑ ගුවන් ගමන් බලපත්‍රයෙන් කටුනායක ගුවන්තොටුපල හරහා ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඇති අයුරු හෙළි වි ඇත.

විමර්ශකයන්ට  අනුව සමන් පෙරේරා ඇතුළු පිරිස මරා දමා නැවතත් කඹුරුපිටියෙන්ම ජිප් රථයෙන් බසින ප්‍රසන්න කුමාර මගී බස් රථ කිහිපයකටම මාරු වෙමින් පැමිණෙන්නේ මීරිගම පිහිටි මිතුරකුගේ නිවෙසකටය. දින කිහිපයක්ම එම නිවෙසේ ගත කළ ඔහුට ඇඳුම් පැළඳුම් ගෙනවිත් දී ඇත්තේ බිරිය නිරෝෂනී විසිනි.

මේ කාලය තුළ ඩුබායි හි රැඳී සිටින නිපුන නැමැති කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් විසින් ප්‍රසන්න කුමාර ඩුබායි ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළේය. ඒ ප්‍රසන්නගේ නීත්‍යානුකූල විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරුවලට අනුව ගුවන් ටිකට්පත් සහ වීසා බලපත්‍ර ද ලබා ගනිමිනි.

Beliatta
ඝාතකයන් පැමිණි ජිප් රිය…

සියල්ල සූදානම් කර ගැනීමෙන් අනතුරුව මීරිගම මිතුරාගේ නිවෙසින් ඔහු පිටත්ව යන්නේ 28 වෙනිදාය. ඒ පාන්දර ජාමයේය. බිරියගේ සහෝදරයා විසින් රැගෙන ආ වෑන් රථයකින් මීරිගමින් පිටත් වූ ඔහු ඩුබායි බලා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියේ යැයි කියැවෙන්නේ 29 වෙනිදාය. ඒ ඩුබායි බලා කටුනායකින් එදින උදෑසන 9.40ට ඩුබායි බලා පිටත් වූ ගුවන් යානයක නැඟීය. ඊට පෙර ඔහු සිය බිරිය හා දරුවන් සමඟ කාලය ගත කර ඇත්තේ නිවෙසින් පිටතය.

ප්‍රසන්න කුමාර බෙලි අත්තේ ප්‍රධාන වෙඩික්කරුවෙක් බව හඳුනා ගන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.

විශේෂ කාර්ය බළකා නිලධාරීන් සියල්ල හෙළි කර ගැනීමෙන් අනතුරුව ප්‍රසන්නව කොටු කර ගැනීමට ඔහු පදිංචි මුද්දර නිවෙසට කඩා පනින විට ඔහු සිටියේ ඩුබායිවලය. (සිළුමිණ පුවත්පත ඇසුරිනි)

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අත්අඩංගුවට ගත් කෙහෙළිය අද අධිකරණයට!

Next Post

පොදු පෙරමුණ ඔබට සහය දෙනවා කියලා තවම තීරණය කර නෑ…. සාගර ජනපතිට කියලා!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.