මැණික්මල්ලේ කථාවද සම්බන්ධ කුප්‍රකට අයතා මුදල් ඉපයීම් පිළිබඳ නඩවුට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තනියවන ඩේසි ෆොරස්ට්ට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ අද ( 04) අධි චෝදනා භාර දී තිබේ.
අධි චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබුවේය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔවුන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කර තිබිණි. අයථා ලෙස උපයා ගත් මුදල් යොදවා දේපල මිලදී ගැනීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ මෙම චෝදනා පත්‍රය ගොනු වූයේය.
ඒ අනුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය







