අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබායිහි සිටින “ බුල්ලා”ගේ මත් කුඩු ජාවාරමේ ප්‍රධාන ගෝලයින් දෙදෙනාගෙන් කෙනෙක් මහනුවර හෝටල් හිමියෙක්!

by editor
මැයි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඩුබායි රාජ්‍යයේ සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බුල්ලා නැමැති පාතාල අපරාධකරුගේ මත්කුඩු ජාවාරම රට තුළ මෙහෙයවමින් සිටිය දී අත්අඩංගුවට පත්ව දින 05ක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කළ මහනුවර පදිංචි ප්‍රධානම ජාවාරම් කරුවන්  ලෙස සැලකෙන පුද්ගලයින් දෙදෙනා ජූනි මස 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්  ශ්‍රීනිත් විජේසේකර අද නියෝග කළේය.

මෙසේ  රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මහනුවර පියෂෝ ගාර්ඩ්න්හි පදිංචි සෙල්වරාජ් සුකුමාර් (38) සහ පාලිත ලක්ෂ්මන් (40) නැමැති පුද්ගලයින් දෙදෙනාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 26 වැනිදා  අත්අඩංගුවට ගනු ලබන මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් මහනුවර  හෝටල් හිමියෙකි. අනෙක් පුද්ගලයා සංචාරක කටයුතු සඳහා සුඛෝපභෝගී වාහන සපයන්නෙකි.

ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටු වන්නේ  සිදුකරන ලද දීර්ඝ විමර්ශනයක් අතරය. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

කටුගස්තොට කළුගලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව කටුගස්තොට පොලිස් අත් අඩංගුවට පත් වන්නේය.  අත් අඩංගුවට පත් පුද්ගලයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු කරද්දී බැංකු ගිනුමකට මුදල් තැන්පත් කල රිසිට්පත් ප්‍රමාණයක් විමර්ශන නිලධාරීන්ට හමුවන්නේය.  මේ බැංකු රිසිට්පත් සම්බන්ධව විමසීමේ දි හෙළි වන්නේ ඔහු මෙම මුදල් තැන්පත් කර ඇත්තේ මත්කුඩු මිලදී ගැනීමට බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව උසාවි නියෝග මත මෙම බැංකු ගිනුම් පරීක්ෂාවේ දී හෙළිවන්නේ සති කීපයක් වැනි කෙටි කාලයක් තුළ මෙම ගිනුම් හිමියා නමින් ඇති බැංකු ගිනුම් 10ක් හරහා විශාල මුදලක්   සංසරණය වි ඇති බවය. එම මුදල් වලින් කොටසක් විදේශකට ද බැරවී තිබුණු බව හෙළි දරව් වුනේය.

මෙම පුද්ගලයා සමග සමීප සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙක් සම්බන්ධව සැක සිති ඔහුගේ ගිනුම පරීක්ෂා කරන විට ඔහු නමින් ද ගිනුම් 10කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් කෝටි ගණනක මුදල් මාසයක් වැනි කාලයක් තුළ සංසරණය වි ඇති බවත්, මෙම පුද්ගලයින් දෙදෙනාගේම ගිනුම් ඔස්සේ සංසරණය වූ මුදල් ප්‍රමාණය කෝටි 20කට අධික බවත් පෙනී ගියේය.

ඒ අනුව මේ පුද්ගලයින් දෙදෙනා පසුගිය 26 දා මහනුවර අනිවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය  මගිනි.

අනතුරුව දින 05ක රැඳවුම් නියෝග මත මෙම පුද්ගලයින් තබාගෙන විමර්ශන මෙහෙයවන විට පෙනී ගොස් ඇත්තේ මෙම මත්කුඩු ජාවාරම ඩුබායි සිට මෙහෙයවන්නේ බුල්ලා නැමැති පාතාල අපරාධකරු බවත්, ඔහුගේ මත්කුඩු රට පුරා බෙදා හැරීමේ මෙහෙයුම් දියත් කර ඇත්තේ මේ පුද්ගලයා මුල් වී බවත්ය.

26 අත්අඩංගුවට ගන්නා මෙම පුද්ගලයින්   රැදවුම් නියෝග මත දින 05ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මත්ද්‍රව්‍ය ආඥා පනත,  මුදල් විශුද්ධිකරණ පනත, අන්තරායකර ඖෂධ පනත යටතේ අද මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කළේය. එහිදි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්  ශ්‍රීනිත විජේසේකර  නියෝග කළේ  ජූනි මස 14 තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්වේට් රාජ්‍යයේ වෙසක් සිරිය දිලුන හැටි….

Next Post

පසුගිය සතිය තුළ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට 1625ක් ඇතුළත් කරලා… 14ක් මිය ගිහින්… වැඩියෙන්ම වාර්තා වන්නේ මාර්ග අනතුරු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.