අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩඩ්ලි ලඟ නීතිය නැමෙන හැටි උණවටුන සංචාරක ව්‍යවසායකයෝ හෙළි කරති….

මිල්ටන් හෝටලයේ නීති විරෝධී වැඩ නිවැරදි කළේ නෑ... දැන් අරලිය සමාගම ගත්තු නීති විරෝධී ඉඩම නීත්‍යානුකූල කරන්න යනවා...

by editor
සැප්තැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“අරලිය උණවටුණ පුද්ගලික සමාගම“ විසින් මිලදිගෙන ඇති උණවටුණ  මිල්ටන් හෝටලය පිහිටි භුමිය හා  වෙරළ ගොඩකරනු ලැබු භූමියේ  කොටසක්  තුළ අධි උසැති හෝටල් ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාදිමට  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය බලතල ඉක්මවා ක්‍රියාකරමින් සිටින බැව්  උණවටුණ සුළු හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමය පවසයි.

එම භුමියේ  කාමර 40කින් පමණ සමන්විත අධිඋසැති හෝටල් ව්‍යාපෘතියක්  සඳහා අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් ඊට අදාල මුලික පරිසර ඇගයිම් වාර්තාවක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් ව්‍යාපෘති යෝජකයාගෙන් ඉල්ලා ඇති බවත් සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති  නිතිඥ රූපසේන කොස්වත්ත  විසින් පෙන්වා දෙයි.

මේ පිළිබද උණවටුණේ පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් රුපසේන කොස්වත්ත   මෙසේ කීවේය..

මිල්ටන් හෝටලයේ නීති විරෝධී ගොඩකිරීම් සහිත ඉඩම..

මිල්ටන් හෝටලයම නීති විරෝධීයි

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ මිල්ටන් හෝටලය පිහිටි භුමිය තුළ පිහිටි සියලු ගොඩනැගිලි වෙරළ සංරක්ෂණ නිතියට  හා නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසිවලට පටහැනිව තමයි ඉදිකරලා තිබුණේ. එම හෝටල් හිමියා විසින් නීති විරෝධිලෙස මුහුදේ කොටසක් ගොඩකර නීතියට පටහැනිව  හිමිකම් පාමින්   එවා භුක්තිවිඳිමින් සිටියා. මේ නිසා  මුහුදු වෙරළ දිගේ නිදහසේ පිවිසීමට හෝ ලඟාවිමට  මහජනතාවට ඇති හිමිකම නැතිවුනා.“ 

“ ඒ විතරක් නෙවෙයි වෙරළේ ස්ථායිතාවයට  හා ඵලදායිතාවයට  මේ නිසා දැඩි බලපැමක් ඇතිවුනා. මුහුදු වෙරළේ කොටසක් ගොඩකර නීතියට පටහැනිව භුක්තිවිදමින් සිටි කොටසත් සමග තමයි අරලිය  පුද්ගලික සමාගම විසින්  නිති විරෝධි අයුරින් මිලදිගෙන තියෙන්නේ. දැනට මෙම භුමියේ තිබු එම ගොඩනැගිලි  වත්මන් හිමිකරුවන අරලිය පුද්ගලික සමාගම විසින් ඉවත්කරලා තියෙනවා.

මුහුදත් අල්ලාගෙන මිල්ටන් හෝටලයේ කළ නීති විරෝධී ඉදිකිරීම්

නීති විරෝධී හෝටලය මිලදී ගෙන කරන නීති විරෝධී ඉදිකිරීම්

මුහුදු ගොඩකරපු  භුමියේ ගොඩනැගිලි ඉදිකිරිමට අනුමැතිය ලබාදිමට වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුවට නීතියෙන් හිමිකමක් නැහැ. පෙර හෝටල් හිමියා විසින් මුහුදු වෙරළේ කොටසක් තමයි ගොඩකරලා  තියෙන්නේ. එහි නීති විරෝධිලෙස ගස් පැළ සිටුවා ඇති ප්‍රදේශය ස්ථිර තුරුලතා තීරය ලෙස සැලකිමට හා ගොඩකර ඇති වෙරළ කොටස වෙරළ කළමණාකරණ සැලසුමේ සඳහන් වෙන්කළ හා සිමාකළ ප්‍රදේශය ලෙස සැලකීමටත්, ව්‍යාපාරිකයෙකුගේ  ව්‍යාපාරික ස්ථානයක්  ගොඩනැගිලි ඉදිකිරිමේ සිමාව ලෙසත් සැලකීමටත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට  නීතියෙන් ඉඩක් නැහැ.  මුහුද ගොඩකරපු භුමිය අයිති රජයට.  නැතිනම් මහජනතාවට.“

 Rupasena-Koswatta
රූපසේන කොස්වත්ත

“ඒ විතරක් නෙවෙයි…  ඇතැම් ව්‍යාපාරික ස්ථානයක් වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධානයන් උල්ලංඝණය කරමින්  ව්‍යාපාර ගොඩනැගිලි ඉදිකරනවා. නමුත් එම ගොඩනැගිලි සඳහා එකඟතා ලිපි නිකුත්කොට  එම   ව්‍යාපාරික ස්ථාන නීත්‍යානුකූල කිරීමට  වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව කටයුතු කරනවා. “

“මුදල් හා බලය ඇති සුළුතර ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට  පමණක් රිසි සේ  ව්‍යාපාර ස්ථානයක් වෙනස්කරගැනීමට  ඉඩකඩ ලබාදෙනවා. නමුත් පාරම්පාරික සුළු පරිමාන ව්‍යාපාරිකයන්ට පමණක් වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව මගින්  නිතිය දැඩිලෙස ක්‍රියාත්මක කරනවා..“   රූපසේනකොස්වත්ත  පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එපා කියද්දි මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ ගන්න ගිය CID නිලධාරීන් ගැන පරීක්ෂණයක්…

Next Post

ඖෂධ දත්ත මැකූ සිද්ධිය: ඇප ඉල්ලීම ඉවතට – ඉංජිනේරුවරයා රිමාන්ඩ්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.