ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් එම දත්ත පවත්වාගෙන ගිය තාක්ෂණ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
සැකකරු අද (29) දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය ලබාදී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් එම
එම අපරාධය සිදුකර ඇති ආකාරයෙහි පවතින සූක්ෂමභාවය සහ විමර්ශනවල සංකීර්ණභාවය සලකා බැලීමේදී වැඩිදුර විමර්ශනය කිරීම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය බව හැඟී යන බව මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.
සැකකාර ඉංජිනේරුවරයා දිවුලපිටියේ, වැල්ලපිට ප්‍රදේශයේදී ඊයේ (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.







