දේශීය ක්‍රිකට් භාරව කටයුතු කරන උප සභාපති රවින් වික්‍රමරත්න සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකර ජයන්ත ධර්මදාස, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද හා වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, උප සභාපති සම්බන්ධීකාරක ෂිබ්ලි විල්කාසිම් ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් කණ්ඩායමක් සමග එංගලන්ත ශ්‍රී ලංකා සංචාරය නැරඹීමට එංගලන්තයට ගොස් සිටීම හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ සේවය කරන සියලුම දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට නොහැකිව දිස්ත්‍රික් හා පළාත් සංගම් අපහසුතාවට පත්ව ඇතැයි ලංකාසරට වාර්තා වේ.
මෙම පුහුණුකරුවන්ගේ දෙවසරක සේවා කොන්ත්‍රාත්තුව පසුගිය මස අවසන් වී ඇති අතර ඊට පෙර අලුත් ඉල්ලුම්කරුවන් හා දැනට සිටින පුහුණුකරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණද පවත්වා අවසන් කොට ඇතත් මේ දක්වා පත් වීම් ලබා දී නැත.
හේතුව සිය මූලික රාජකාරිය අතපසු කර ඇති දේශීය ක්‍රිකට් භාරව කටයුතු කරන උප සභාපති රවින් වික්‍රමරත්න මෙ මේ දිනවල ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරග නැරඹීමට එංගලන්තය බලා ගොස් තිබීම බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ දිනකට නවාතැන් සඳහා ඩොලර් 750ක ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙලක්ෂ විසි පන් දහසක්) ලබමින් සිය හිතවතුන්ගේ නිවෙස් වල නවාතැන් ගෙන මුදල් ඉතිරි කර ගැනීමේ ව්‍යාපෘතියක නිරව ඇතැයි එංගලන්තයෙන් එන ආරංචි මාර්ග වාර්තා වේ







