හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ තවත් දෙදෙනෙකු පෙබරවාරි 13 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (30) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ සතොස ලොරියක් රියදුරුද සමග යොදවාගෙන සිය අරක්කු කොම්පැණියේ වැඩට යොදා ගැනීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත මූලික චෝදනා එල්ල වී තිබිණි.
මෙම චෝදනාව යටතේ ඔහුගේ පුතුන් දෙදෙනාවන ජොහාන් ප්‍රනාන්දු සහ ජෙරම් කෙනත් ප්‍රනාන්දු සමග තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර තිබිණි.
ජොන්සටන් ප්‍රනාන්දු සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල ද අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළේය.
මෙම චෝදනාව මෙන්ම ව්‍යාජ එතනෝල් බලපත්‍රයක් යොදාගෙන ජාවාරම් සිදුකිරීම, මුදල් විශුද්ධිකරණය සම්බන්ධව චෝදනා ද ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ , ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරොම් කෙනත් ප්‍රනාන්දුට එල්ල වී තිබේ







