ලලිත් චාමින්ද –
නියමිත කාල සිමාව තුළදි ගල් අගුරු ගොඩබෑම සිදු නොකිරීම හේතුවෙන් ගල් අගුරු පුද්ගලික සමාගම විසින් 2024 වර්ෂය තුළදී ගොඩබෑමේ වරාය ප්‍රමාද ගාස්තු ලෙස අදාළ සැපයුම්කරුට රුපියල් පහළොස්කෝටි, දාසය ලක්ෂ ,අනු පන්දහස් හාරසිය තිස් නමයක (151,695,439) මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මේ හේතුවෙන් එම වියදම ගල් අගුරු සමාගමට අනාර්ථික වියදමක් වි ඇති බැව් විගණනය මගින් අනාවරණය කොට ඇත.
අසාමාන්‍ය ප්‍රමාදයක් සහ ප්‍රමාද ගෙවිම් අවම කිරීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
ගල් අගුරු සැපයුම්කරුවන්ට කරන සියලුම ගෙවිම් අදාළ අත්සන් කරන ලද ගිවිසුම්වල දක්වා ඇති නියමනයන්ට අනුකූලව සිදුකොට ඇති බව ගාල්ල අගුරු සමාගම විසින් විගණනයට සඳහන්කොට ඇත.
මෙම ප්‍රතිපත්තිය ගොඩබැමේ වරාය ප්‍රමාද ගාස්තුව සඳහා ද අදාළ වන අතර දෙපාර්ශවයම බඩු බෑමේ නියමිත කාලය ගණනය කිරීම සඳහා අනෝන්‍ය වශයෙන් එකඟවු පසුව පමණක් ගෙවිම් පියවිම සිදුකරණ බවද සමාගම විසින් විගණනයට සඳහන් කොට තිබේ.
එමෙන්ම නිරිතදිග මෝසම් සමය බටහිර වෙරළ තිරයට බලපාන බැවින් ගල් අඟුරු සැපයුම් මෙහෙයුම සැප්තැම්බර් මස සිට ඊළග වර්ෂයේ අප්‍රෙල් මස දක්වා වු මාස හතක කාලයට සිමා වී ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්වන අතර සෘතුමය සිමාව තුළ මුළු ගල් අගුරු අවශ්‍යතාවය සුරක්ෂිත කිරිමේ දී සැලකිය යුතු අභියෝගයක් බවද ගල් අඟුරු සමාගම විසින් විගණනයට සදහන් කොට ඇත.
සිමා සහිත ගල් අගරු පුද්ගලික සමාගම සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.







