ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි මස අවසන් වීමට පෙර මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන බව කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා කියා සිටියේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම කිසිවකින් ප්‍රමාද නොවන බවයි.
එම කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත සමඟ සමපාත වන බවද ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඡන්ද විමසීමේ නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව එළඹෙන 16 සහ 21 වැනි දින අතර සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළේය.
නාමයෝජනා භාරගත් දින සිට සති හතරක් හෝ හයක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.







