කීර්ති ප්‍රනාන්දු
කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා අද(17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
ඒ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදුකල ප්‍රකාශයක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා විසින් ඉකුත් දෙසැම්බර් මස 10 වැනිදා පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ.







