පසුගිය රජය සමයේදී යුරෝපා සංගමය විසින් ශ්‍රි ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා ලබා දුන් ජී.එස්.පී ප්ලස් සහනය අපේ රටට විශාල ශක්තියක් බවත්, එය අඛණ්ඩව අපේ රටට ලබා දීමට කටයතු කරන ලෙසත් වපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපා සංගම් නියෝජිතයන්ගෙන් ලීමක් කර ඇත. මේ දිනවල ශ්‍රි ලංකාවට පැමිණ සිටින ජීඑස්.පී ප්ලස් සහනය පිළිබඳව සමාලෝචනය කිරීමේ දූත කණ්ඩායම ඊයේ (28) විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මෙම ඉල්ලීම කර ඇත. එහිදි විපක්ස නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යමය සහන, GSP Plus සහන, අන්තර්ජාතික සහන සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කරන බවත් ඔවුන්ට සඳහන් කළේය.
රටේ වත්මන් තත්ත්වය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, නිදහස සහ සමානාත්මතාවය, සංහිඳියාව, පරිසරය, මාධ්‍ය නිදහස, සිවිල් අයිතිවාසිකම් යනාදි බොහෝ කාරණා පිළිබඳව ඔවුන් මෙරට දී අධ්‍යයනය කිරීමට නියමිත ය.
කොරෝනා ව්‍යසනය සහ වර්තමානයේ මුහුණ දෙන ගැටළු පිළිබඳව එහිදී දෙපාර්ශවය අතර දිර්ඝලෙස සාකච්ඡාවට ගැණුනු අතර ශ්‍රිලංකාව ඉදිරියට ගෙනයෑම උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා අදාල නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.
තම පක්ෂයේ විදෙස් පිළිවෙත වන්නේ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තිය බවත්, ශ්‍රී ලංකාව සාමයේ භූමියක් මිස බලවතුන්ගේ අරගල බිමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපා කොමිසමේ නියෝජිතයින් සමඟ පැවසීය.
මේ මොහොතේ වගකිවයුතු නූතන විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය නොපිරිහෙලා පෙනී සිටින බවත් ඔහු පැවසීය.
හරිත සංකල්පය මත පදනම් වුණු අනාගතවාදී දේශපාලන පක්ෂයක් ලෙස සමඟි ජනබලවේගය ආර්ථික මෙන්ම සමාජ සැලසුම් සහ ප්‍රතිපත්ති සකස් කරමින් පවතින බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට මුහුණ දී සිටින වර්තමාන තත්ත්වය හමුවේ අවස්ථාවාදී දේශපාලනය නොකරන නූතනවාදී විපක්ෂයක භූමිකාව තම කඳවුර නිරූපණය කරන බවද පැවසීය.
එමෙන්ම, ජනතාවාදී විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති වගකීම කොන්දේසි විරහිතව ඉටුකරන බවත්,මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම,ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මැදිහත්වීම, මාධ්‍ය නිදහස වෙනුවෙන් අරගලය,නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කිරීම තිරසාරව සිදුකරමින් සිටින බව පැවසු විපක්ෂ නායක ජනතාවාදී සාධනීය කටයුතු වෙනුවෙන් සිය සහයෝගය හිමිවන බවද පැවසීය.
මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මහජනතාව සඳහා ප්‍රජාතාන්ත්‍රික අවකාශයන් පුළුල් කර දීම, ව්‍යවස්ථාදායකය/අධිකරණය සහ විධායකයේ බලය බෙදීයාම, සමතුලිත කිරීම වැනි කරුණු පිළිබඳව මෙහිදී යුරෝපා කොමිසමේ නියෝජිතයින් අවධානය යොමුකරනු ලැබූ අතර විපක්ෂ නායක එහිදී පවසා සිටියේ ඉහත කාරණා සාධනීය ලෙස සාර්ථක කර ගැනීම උදෙසා ආණ්ඩුවේ අවධානය යොමු කිරීමට මැදිහත්වීම වැදගත් බවය.







