රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ මාසික වේතනයෙන් මෙවර රුපියල් අට දහසක් කපා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් අතර දැඩි විමතියක් හටගෙන තිබේ. සාමාන්‍යයෙන් වාර්ෂික සාමාජික මුදල රුපියල් හාර දහසක් වුවද වෛද්‍ය වැටුපින් මෙවර රුපියල් අට දහසක මුදලක් අඩු කරගෙන ඇති අතර මේ පිළිබඳව සාමාජිකත්වය එහි නිලධාරීන්ගෙන් විමසූ විට දැන ගන්නට ලැබී ඇත්තේ රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයට පවතින අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා නඩු ගාස්තු වශයෙන් මෙසේ මුදලක් අයකරගෙන ඇති බවකි.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය 20,000කට අධික බව පැවසෙන අතර මේ අනුව සෘජුවම රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් මෙසේ අධිකරණ කටයුතු සඳහා එකතු කරගෙන ඇති බව වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතැම් වෛද්‍යවරුන් සමඟ අනවශ්‍ය ලෙස නඩු හබවල පැටලී ඇති බවත් මෙම නඩු සඳහා නීතීඥ සහය ලබා ගන්නේ ප්‍රධාන පෙළේ නීතීඥ සමාගම්වලින් බැවින් මේ සඳහා වාර්ෂිකව අධික ව මුදල් වියදම් කිරීම සිදුව ඇති බවද ලංකාසර වෙත අදහස් දක්වමින් පැවසීය.
කෙසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්තමාන නිල මඩුල්ලට සංගමයේ කටයුතු කිරීම වළක්වමින් මොරටුව දිසා අධිකරණයෙන් අතුරු තහනමක් ලබා දී තිබෙන අතර ඒ අනුව මෙලෙස මුදල් එකතු කිරීමද නීති විරෝධී වන බව මේ පිළිබඳව කරුණු දැක්වූ වෛද්‍යවරයෙක් ලංකාසරට පැවසීය.







