සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික වනනෝද්‍යාන තුළ කවරදාවත් නොතිබුණු වන සත්ත්ව සංහාරයක්…

කුකුළු මස් කිලෝ එක 1800යි... දඩමස් කිලෝ එක 1500යි...

by editor
සැප්තැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඇතුළු ජාතික වනෝද්‍යාන තුළ   සිදුකරන වන සත්ත්ව සංහාරය වෙන කිසිම කාලයක නොවූ තරමින් වැඩි වී ඇතැයි  ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති, පොලොන්නරුව කලාපභාර අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්.කුමාරසිරි විජේකෝන් පවසයි.

ඩබ්ලිව්. එම්.කුමාරසිරි විජේකෝන්

පොලොන්නරුව මින්නේරිය, සෝමාවතිය, වස්ගමුව, මාදුරුඔය, ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මෙන්ම වෙනත් රක්ෂිතවල අන් කවරදාටත් පරිසර අපරාධ ඉහල ගොස් ඇත්තේ  වනජීවී නිලධාරීන්ට හිමිවන පහසුකම් කප්පාදු කිරීම නිසා බව ද ඔහු කීවේය. වන සත්ත්ව සංහාරයට සමගාමීව  සියලුම පරිසර අපරාධ ද ඉහළ ගොස් ඇති බව ඔහු කීවේය.

ඔහු  මේ බව සඳහන් කළේ අද (28) දහවල් දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

වනජීවී නිලධාරීන් සතුව තිබූ ගිනි අවි රජයට පවරා ගැනීම්ත් සමග තමන්ට දඩයම් කරුවන්ගෙන් මෙන්ම විවිධ ජාවාරම්කරුවන්ගෙන් තර්ජන හා බාධා එල්ල වීම වැඩි වී ඇති බවද ඔහු  පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ වනජීවී නිලධාරීන් සිටින්නේ දාහකටත් අඩු සංඛ්‍යාවක් බැවින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන මෙන්ම අභයභූමි ආරක්ෂා කිරීමට විශාල වගකීමක් පැවරෙන බවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වනජීවී නිලධාරීන්ට විවිධ ගැසට්පත්‍ර නිකුත් කරමින් ඔවුන්ගේ රාජකාරි කිරීමට පහසුකම් ලබානොදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වෙන සියලු සත්ත්ව වර්ගයාට මෙන්ම, වනෝද්‍යානවලට ගත්වූ මාස කිහිපය තුළ දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් ඔහු හෙළි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩි දුරටත් කරුණු දැක්වූ කුමාරසිරි විජේකෝන් මහතා මෙසේද කීය.

“කුකුල් මස් කිලෝ එකක් වෙළඳපොලේ රුපියල් 1800 ට අලෙවි වෙද්දි දඩයම්කරු දඩ මස් කිලෝ එකක් 1500කට ප්‍රදේශයේ කඩවල්වලට තොග වශයෙන් ලබාදෙනවා. මේක මහා ඛේදනීය තත්ත්වයක්. සමහර වනෝද්‍යානවලට ගිහිල්ලා වඳ වී යන සතුන් පවා දඩයම් කරනවා, වැලිකන්ද පැත්තේ මොනරු මරණවා.    නමුත් මේවා වටලන්න යන්න අපිට ප්‍රමාණවත් පහසුකම් නෑ.

ඉන්ධන අර්බුදය නිසා  සෙනසුරාදා, ඉරිදා, අපිව රාජකාරිවලට යෑම නවත්තලා තියෙනවා. ඒ දවස්වල දඩයම් කිරීම වැඩි වෙලා, අපි වෘත්තීය සංගම් හැටියට රජයෙන් ඉල්ලන්නේ කරුණාකරලා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා ලංකාවේ වන සම්පත් ටිකයි, සතුන් ටිකයි ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් කඩමින් සකසන්න කියලා.“ යැයිද කුමාරසිරි විජේකෝන් කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි වෙඩි සඳහා වාර්ෂික වියදම කෝටි 280 යි… තවත් වැඩි වෙන්න නියමිතයි…

Next Post

ශබ්ද දූෂණ නඩුවට උසාවි නොවැඩි උඩුවේ හාමුදුරුවන්ට නොතීසි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.