කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක විත්තිකරු ලෙස නම් කර ඇති උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඊළඟ නඩු දිනය වන ඔක්තෝබර් 31 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කරන ලදී.
උන්වහන්සේ වැඩ සිටින කිරුලපන ඇලන් මැතිනියාරාම විහාරයේ, ශබ්ද විකාශන යන්ත්‍ර අධික ශබ්දයෙන් අලුයම් කාලයේදී භාවිතා කරන බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ඒ ආසන්නයේ පදිංචි වී සිටි අමාත්‍යවරයෙකු හා දැනට ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස කටයුතු කරන මිලින්ද මොරගොඩ, පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව හයක් විසින් පෞද්ගලික පැමිණිල්ලක් ලෙස මෙම නඩුව කර තිබේ.
ඒ 2016 දෙසැම්බර් මාසයේදී ය. එම නඩුවට අදාළව පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇත.







