බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් කර නවීන ආරක්ෂක ප්‍රතිපත්තියක් හදනවා… ජනපති කියයි!

by editor
අගෝස්තු 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දියුණු රටවල   සිදුකරන්නාක් මෙන්  මෙරට ජාතික ආරක්ෂාව පිළිබද සමාලෝචනයක් සිදු කිරීමට තමන් බලාපොරොත්තුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

නව ආර්ථික ප්‍රවනතා, දේශගුණික විපර්යාස ඇතුළු සමස්ථය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සමාලෝචන වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව   ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සකස් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කීවේය.

Defense 2030 නැමැති  මෙම වාර්තාව සැකසීම සදහා අවශ්‍ය සමාලෝචන කණ්ඩායම හිටපු මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පත් කර   එම වැඩකටයුතු සඳහා වෙනම කාර්යාලයකුත් ඇති කර ඇති බව ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ බූස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ ඊයේ (18) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බල සේනාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

“නිදහසට පෙර රාජකීය හමුදාවේ ස්වේච්ඡා සේවයක් ලෙස නාවික හමුදාව ආරම්භ වුණා. දෙවන ලෝක යුද සමයේ දි කොළඹ වරාය ආරක්ෂා කිරීමේ වගකීම භාර දී තිබුණේ නාවික හමුදාවටයි. නිදහසින් පසුව ස්ථීර නාවික හමුදාවක් බිහි වුණා. ඔබ අද ඇතුළු වන්නේ මෙවැනි ඉතිහාසයක් තිබෙන විශේෂ හමුදා කණ්ඩායමකටයි.”

“අද නාවික හමුදාවේ සේවය සඳහා ඔබ එක්වනවා. ශ්‍රී ලංකා නාවුක හමුදාව ආරම්භයේදී අපට සමුද්‍රීය තර්ජනයක් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන් ඉන්දියන් සාගරය පාලනය කළේ මහා බ්‍රිතාන්‍යයේ නාවික හමුදාව. එම නාවික හමුදාව ඉන්දීය සාගරයෙන් පිටව යාමෙන් පසු අපට ගැටලු තිබුණේ නැහැ. “

“නමුත් 1983න් පසුව අපට යුද්ධයකට මුහුණදීමට සිදු වුණා. එදා එල්.ටී.ටී.ඊ සංවිධානය මුහුදු යාත්‍රාවලින් දක්ෂතා පෙන්නුවා. ඔවුන්ට මුහුද අලුත් අත්දැකීමක් වුණේ නැහැ. නමුත් අපට මුහුද ගැන හැදෑරිය යුතුව තිබුණා. ටික කලකින් පසු අපේ ආරක්ෂක හමුදාවන්ගේ කැපවීම සහ දක්ෂතා නිසා මෙම මුහුදු කොටි සංවිධානය නැති කර දැමීමට හැකියාව ලැබුණා. අපේ නාවික හමුදාව මෙවැනි සටන්වලට දක්ෂ බවට එදා පිළිගැනීමක් ලැබුණා. “

“සෝමාලියාවේ සිටි මෙවැනි කණ්ඩායම් පාලනය කිරීමට ලෝකයේ ප්‍රධාන නාවික හමුදා ගණනාවක් අවශ්‍ය වුණා. නමුත් අපට මෙය තනිව සිදු කිරීමට හැකි වුණා. දැන් යුද්ධය අවසන්ව වසර 14ක් ගතවී තිබෙනවා. දැන් අප වර්තමානය සහ අනාගතය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. “

“අද අපට මුහුණ දීමට සිදුව තිබෙන්නේ 2009 හෝ 1983 පැවති තත්ත්වයට නොවෙයි. අද ලෝක බලවතුන්ගේ අරගලය ඉන්දියන් සාගරය දක්වා පැමිණ තිබෙනවා. එක පසෙකින් පැසිෆික් සාගරයේ ඇමරිකාවත්, චීනයත් අතර බල අරගලයක් තිබෙනවා. අනෙක් පසින් යුක්‍රේනය සහ බටහිර රුසියාව අතර බල අරගලයක් තිබෙනවා. එම බල අරගලය අපේ හමුදාව සේවය කරන මාලි රටේ අසල්වාසි රට වන අප්‍රිකාවේ නයිජර් රටටත් පැමිණ තිබෙනවා.”

“ඉන්දියන් සාගරයේ තමයි ලෝකයේ වැදගත්ම වෙළෙඳ මාර්ගය පිහිටා තිබෙන්නේ.  ශ්‍රී ලංකාව එහි වැදගත් ස්ථානයක් ගන්නවා. අප මෙම බල අරගලවලට මැදි නොවී සහ පක්ෂග්‍රාහී නොවි ඉදිරියට යා යුතුයි. එහිදී අපේ ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා. “

“විශේෂයෙන් අභ්‍යන්තර තර්ජන එනම් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිදුවීම්වලින් තමයි බොහෝ රටවලට අභ්‍යන්තර තර්ජන එල්ල වන්නේ. මේ සඳහාත් අප සූදානම් විය යුතුයි. අද ලෝක දේශපාලනයට අප සම්බන්ධ වී සිටිනවා. අප කැමති වුණත්, අකමැති වුණත් අප ඒ පිළිබඳ සිතිය යුතුයි.”

“එසේ නම් මෙරට අනාගත ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. යුරෝපයේ සෑම රටක්ම වසර පහෙන් පහට හෝ දහයෙන් දහයට එවැනි සමාලෝචනයක් සිදු කරනවා. රටට තිබෙන තර්ජන කුමක්ද, රටට ඇති සම්පත් කෙසේද සහ ක්‍රියාත්මක විය යුතු අන්දම පිළිබඳ සමාලෝචනයක් ඔවුන් සිදු කරනවා. ඒ අනුව තමන්ගේ හමුදා බලයත්, ආර්ථික ශක්තියත් සංසදනය කරමින් තීන්දු තීරණ ගනු ලබනවා.අපත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.”

“අද ඩෝනර් වැනි නවීන තාක්ෂණික උපකරණ විශාල වශයෙන් පවතිනවා. ඉන්දියන් සාගරයේ සබ්මැරින් යාත්‍රා භාවිතය වැඩි වී තිබෙනවා. එසේනම් අපේ සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් සබ්මැරීන් යාත්‍රා පාලනය කරන වැඩසටහනක් ඇති කිරීමට අවධානය යොමු කළ යුතුයි.”

“ඒ වගේම අනාගතයේ දී ගුවන් යානා ද ඩෝනර් ද ක්‍රියාත්මක වන්නේ කියා අපට කිව නොහැකියි. අදට වඩා වැඩි තාක්ෂණයක් ඉදිරියේ දී භාවිතා කළ යුතු වෙනවා.”

“රටේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින්  සීග්‍ර වර්ධනයකට යා හැකි නම් ඒ සදහා අවශ්‍ය මුදල් වැය කළ හැකියි. දුප්පත් රාජ්‍යයක් ලෙස අපට මෙම කටයුතු කිරීම අසීරුයි. අතීතතයේ සිට අනාගත අභියෝගවලට මුහුණ දෙන්න බැහැ. “

“ඒ නිසා මෙරට ජාතික ආරක්ෂාව පිළිබද සමාලෝචනයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. නව ආර්ථික ප්‍රවනතා, දේශගුණික විපර්යාස යන මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සමාලෝචන වාර්තාව සකස් කළ යුතුයි. එම වාර්තාව ලැබීමෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සකස් කිරීමට අපේක්ෂා කරනවා.”

“Defense 2030 මෙම වාර්තාව සැකසීම සදහා අවශ්‍ය සමාලෝචන කණ්ඩායම හිටපු මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පත් කර තිබෙනවා. එම වැඩකටයුතු සඳහා වෙනම කාර්යාලයකුත් ඇති කර තිබෙනවා. “

“අනාගත අභියෝග අවි ආයුධවලට පමණක් සීමා කළ නොහැකියි. එසේම එය මුදල්වලට පමණක් සීමා කරන්න බැහැ. ඒ වගේම ඔබේ සුබසාධන කටයුතු පිළිබඳවත් හමුදා සේවයෙන් පසු ඔබේ අනාගතය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඔබේ කැපවීම අප අගය කරනවා ඒ පිළිබඳව ද මෙම නව ආරක්ෂක සමාලෝචනයට ඇතුළත් කිරීමට මම අපේක්ෂා කරනවා. “

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ, ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, ස්වේච්ඡා බලසේනා ප්‍රධානි රියර් අද්මිරාල් ධම්මික කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝච් නැතිව යොවුන් පොදුරාජ්‍ය ම්ණ්ඩල ක්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය සහ ඔස්ට්‍රේලියා පුහුණුකරුවන් උදව් කළ හැටි!

Next Post

ආන්දෝලනයට ලක් වූ අධිකරණ වෛද්‍ය විශේෂඥ රුහුල් හක් අනිවාර්ය නිවාඩු යවයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.