බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යාලුවන්ගෙන් ඉල්ලා මිලියන 75ක පාස්කු වන්දිය ගෙව්ව හැටි!

by editor
ඔක්තෝබර් 7, 2024
in පුවත්
Nilantha-Jyawardhana
Share on FacebookShare on Twitter

බීබීසී –

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ රුපියල් මිලියන 75ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (ඔක්තෝබර් 7) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

දාළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නිලන්ත ජයවර්ධනට එරෙහිව ගොනු කර තිබූ නඩුකරය අද (ඔක්තෝබර් 7) දහවල් යළි කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මෙම දැනුම් දීම කළේ ය.

ඒ බව තහවුරු කරන ලේඛනයක් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේ ය.

මෙම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන ද අධිකරණයට දැනුම් දුන්නේ, වගඋත්තරකරු විසින් අද දින රුපියල් මිලියන 65ක වන්දි මුදලක් ගෙවනු ලැබ ඇති බව හානි පූර්ණ කාර්යාලය මගින් වාර්තා කර ඇති බව ය.

ඉන් අනතුරුව විවෘත අධිකරණයේ නැගී සිටි වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන, මෙම වන්දි මුදල් ගෙවීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව අයැද සිටින බව සඳහන් කළේ ය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

පසුව වගඋත්තරකරුට අදාළ නඩු කටයුතු අවසන් කිරීමටත් අධිකරණය තීන්දු කළේ ය.

මෙම නඩුකරය අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව කෙටුම්පත් කරන ලද අධිකරණයට අපහාස කිරීමේ චෝදනා අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි, නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ සැප්තැම්බර් 24 වන දා ය.

ඒ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ගැන කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණය නියම කරන ලද රුපියල් මිලියන 75ක වන්දි මුදල සම්පූර්ණයෙන් ම ගෙවීමට අපොහොසත් වීම හේතුවෙනි.

එම කරුණ සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, වගඋත්තරකාර නිලන්ත ජයවර්ධනට අද (ඔක්තෝබර් 7) පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටත් නියෝග කළේ ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, නිලන්ත ජයවර්ධනට නියම වූ රුපියල් මිලියන 75ක වන්දියෙන් ඔහු ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 10ක් පමණක් බව ත් තවත් රුපියල් මිලියන 65ක් ඔහු ගෙවීමට තිබෙන ඇති බව ත් ය.

එම අවස්ථාවේදී සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් මීට පෙර අධිකරණය කළ නියෝගයට අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව කෙටුම්පත් කරන ලද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාපත්‍ර අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේ ය.

යාලුවන්ගෙන් ඉල්ලා වන්දිය ගෙවූ හැටි

මෙහිදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා තිබෙන අතර ඔහුගේ මාසික වැටුප රුපියල් 127,000ක් පමණක් බව සඳහන් කළේ ය.

ඉන් ඔහුට ගෙවිය හැක්කේ මාසිකව රුපියල් 40,000ක මුදලක් පමණක් බව ද ජනාධිපති නීතිඥවරයා කියා එහිදී පැවසීය.

මෙම තත්ත්වය යටතේ අධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 75ක වන්දි මුදලින් ඔහුට ගෙවිය හැක්කේ රුපියල් මිලියන 10ක් පමණක් බවත් ඉතිරි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීම ප්‍රායෝගිකව ඔහුට අපහසු කාර්යයක් බව ත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

අධිකරණ නියෝග පරිදි සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහු අධිකරණයෙන් සමාව අයැද සිටින බවත් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තම සේවා දායකයා තුළ නොමැති බව ත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

එබැවින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මේ සම්බන්ධයෙන් සානුකම්පිතව කරුණු සලකා බලන ලෙසත්, නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම විනිසුරු මඩුල්ල විසින් නිකුත් කරන ලද නොතිසියට අනුව වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන අධිකරණය හමුවේ අද (ඔක්තෝබර් 7) පෙනී සිටියේ ය.

‘සම්පූර්ණ වන්දි මුදල ගෙවා අවසන්’

එහිදී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් දන්වා සිටියේ, තම සේවා දායකයා සක්‍රීය සේවයේ නියුතු පොලිස් නිලධාරියකු බැවින් ඔහුට මෙම වන්දි මුදල් ගෙවීම සඳහා බාහිර පාර්ශවයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට හැකියාවක් නොමැති බව ය.

කෙසේ වෙතත් මතු වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ හිතමිත්‍රයින් ඉදිරිපත් වී ගෙවීමට නියමිතව තිබෙන ඉතිරි වන්දි මුදල් සඳහා වන මුදල පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව ත් එම මුදල් තම සේවා දායකයාගේ බිරිඳගේ බැංකු ගිණුම වෙත ලැබී තිබෙන බව ත් සඳහන් කළේ ය.

අදාළ මුදල් අද (ඔක්තෝබර් 7) දින හානිපූර්ණ කාර්යාලයට ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ බැංකුව වෙත ස්ථාවර නියෝගයක් නිකුත් කර ඇති බව ත් ඒ අනුව වගඋත්තරකරු අධිකරණ නියෝගයට අවනතව අදාළ සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට කටයුතු කර ඇති බැවින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ වූ නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන නොයන ලෙස ත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ, වන්දි මුදල් ගෙවීම සඳහා වගඋත්තරකරුවන්ට ලබා දුන් කාලය මේ වන විටත් ඉක්ම ගොස් ඇති බව ය.

කෙසේ වෙතත් අදාළ මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අද (ඔක්තෝබර් 7) පස්වරු 1:30ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත් එසේ මුදල් ගෙවූ බව තහවුරු කිරීමට වගඋත්තරකරු අපොහොසත් වන්නේ නම් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ වූ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බව ත් අගවිනිසුරුවරයා විවෘත අධිකරණයේ සඳහන් කළේ ය.

ඒ අනුව අදාළ නඩු කටයුත්ත යළි අද දහවල් කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ සම්පූර්ණ වන්දි මුදල ගෙවා අවසන් කර තිබෙන බව නිලන්ත ජයවර්ධනගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලැබේ!

Next Post

තුට්ටු දෙකේ මඩ ගහන්න කාලය කන්නේ නැතිව ලැබුන ජන වරමින් රටට වැඩක් කරන්න… එ.ජා.ප. නියෝජ්‍ය නායක ආණ්ඩුවට කියයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.