අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජයග්‍රහණය අපහසු බව ඇත්ත… පිළිගන්න පුලුවන් තරගයක් දෙන්න… ඉතිහාසය වෙනස් කරමින් දකුණු අප්‍රිකාවෙන්

by editor
ඔක්තෝබර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

“ගහනවා කියලා දැනගෙන හිටියා… ඒත් මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ…”

සමහර විට ඔබට ඒ කතාව මතක ඇත.  එහෙම කිව්වේ පාස්කු ප්‍රාහාරය සිදුවූ අවස්ථාවේ දී ඒ ගැන මාධ්‍ය විමසූ විට එවකට ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දුය.

මේ ගැහිල්ල මතක් වනවිට ඒ කතාව සිහි වුනේය.

“ගහනවා කියලා දැනගෙන හිටියා.. මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ….” රංකිරි කටගාපු දා මතක්වන ගැහිල්ලකි.

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු රැකීම තේරුවේය. ඒ තේරීම  ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරණ වාර්තා   කණපිට හැර වීමට අවස්ථාවක් දකුණු අප්‍රිකානුවන්ට ලැබුණේය.

කඩුළු පහක් දැවී ලබා ගත් ලකුණු ගණන 428කි.  ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු ගණන එයය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම ඒඩන් මැක්‍රම්ගේ ගැහිලත් ලෝක වාර්තාවකි. ඔහු ලකුණු 100 ගත්තපෙන්දු 48ක දී ය. මුල් පෙළ ක්‍රීඩකයන් 3 දෙනෙක් ශතක ලබාගෙනය.  නායක ක්වින්ටන් ඩි කොක් පන්දු 84ක දී ලකුණු 100කි. රසී වැන් ඩර් හුසේන් පන්දු 110ක දී ලකුණු 108කි. අපට ක්‍රිකට් බැලිල්ලත් එපා කරමින් පෝයට හෙවිසි ගහනවා සේ ගැසූ එඩන් මැක්‍රම් පන්දු 54ක දි ලකුණු 106කි. ප්‍රහාරක වේගය 208කි.

ඩි කොක්, වැන් ඩර් ඩුසේන්, මැක්‍රම් ශතක ලබා ගත් ශතක සමරමින්….

ඒ ගැහිල්ල දකින විට අපට හිතුනේ කසුන් රාජිත පොළොව බදාගෙන අඬන්නට ඔන්න මෙන්න කියා සිටනවා වගේය. මතීෂ පතිරණත් භ්‍රාන්ත වී ය. ප්‍රමෝද් මධුසංක විතරක් ඒ ගැහිල්ල ඉදිරිපිට කොන්ද කෙළින් තියාගෙන හිටියේ.

ඇත්තටම මට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සතුටුය. ඒ ලකුණු 500ට මෙහයින් ලකුණු නවත්වාගත හැකි වීම ගැනය.

ලියන්නට දෙයක් නැත. ගැහුවා.. ගැහුවා… ගැහුවා… ආයෙත් ගැහුවා…

දැන් කගීසො රබාඩා, ලුන්ගි න්ගිඩි, කේෂේව් මහරාජ් ඉදිරියේ ඇඹරෙනවා ද ජයග්‍රහණය කෙසේ වෙතත් නම්බු පිටින් පරාද වෙනවාද යන්න ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළ යුතුය.

එසේ නොවුනහොත් මේ තරගයේ තවත් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාවට සිදුවන්නේය.

ඒ ක්‍රිකට් ඉතිහාසයේ කුජීතම පරාජය සම්බන්ධව ඛේදනීය කතාවය.

කසුන් රාජිත පන්දු ඕවර 10ක් යැව්වේය. ලකුනු 90කි. එක් කඩුල්ලකි. දිල්ශාන් මධුශන්ක පන්දු ඕවර 10කි. ලකුණු 86කි. කඩුළු 02කි. දුනිත් වෙල්ලාලගේ පන්දු ඕවර 10කි. ලකුණු 81කි. කඩුල්ලකි.  මතීෂ පතිරණ පන්දු ඕවර 10කි. ලකුණු 96කි. කඩුල්ලකි.

දසුන් ශානක පන්දු ඕවර 6ක් පමණක් යැව්වේය. කඩුළු නැත. ලකුණු 36කි.  ධනංජය ද සිල්වා පන්දු ඕවර 4කි. ලකුණු 39කි. කඩුළු නැත.

පැතුම්, කුසල් ජනිත්, කුසල් මෙණ්ඩිස්,  සධීර, චරිත් අසලංක, ධනංජයට විශාල වගකීමක් තිබේ. දිගටම  ෆේල් වෙමින් කණ්ඩායමේ නායකත්වය දරමින් සිටින දසුන් ශානකට තමන්ගේ සුදුසුකම සනාථ කිරීමට අවස්ථාවක් උදා වී ඇති බව සිතමු.

අප ඉල්ලන්නේ එක් දෙයකි. පාරාජය බාර ගන්නම්.  කුජීත නොවී බලන්න පුලුවන් මැච් එකක් දෙන්න.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුරලිගේ ජීවන අන්දරය සහිතව ලෝකයට එන 800 චිත්‍රපටය ගැන එම්. එස්. ශ්‍රීපති ඉන්දියාවේ සිට කියන කතාව!

Next Post

ලකුණු 102කින් පැරදුනත් ඒ පරාජය තුළත් බලාපොරොත්තු ඇති කරන සුබ ලකුණු තිබේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.