අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිට මාසයක් කල් දෙනවා… 15 වැනිදා පාරට බැහැල දෙන පනිවිඩය ගැන හරීන් කියයි…

ආරබි වසන්තය වගේ වැඩක් අවුලුවන්න එපා... අත්අඩංගුවට ගැනීම් වගේ ගොන් පාට් එපා... ස්වයං විවේචනයක් එක්ක වැඩ කරන්න එන්න ....

by editor
මාර්තු 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය ලබන 15 වැනිදා පස්වරුවේ විශාල සෙනඟක් සමඟ කොළඹදී පාරට බසින බවත් රටේ පවතින බරපතල ප්‍රශ්න හමුවේ විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයාට මාසයක් කල් දීමේ ප්‍රජාතන්ත්‍රවාදී අනතුරු ඇඟවීමක් කරන බවත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු අද (13) පැවසීය.

ජනාධිපතිවරයා ඊට මාසයක් තුළ නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් අරාබි වසන්තයට එහා  මේ අරගලය ගෙන යාම කිසිවකුට නැවැත්විය නොහැකි බව ද ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය.

“අද ඉරිදා… හෙට වැඩට යන්න ඕන. ළමයින්ට හෙට පාසල් යන්න ඕන. තෙල් නෑ. ගෑස් නෑ. පාසල් ගාස්තු වාහන ගාස්තු වැඩිවෙලා. ආහාර මිල ඉතා ඉහල ගිහිල්ලා. මේ පීඩනය හමුවේ අපි 15 වැනිදා කොළඹ කරන්න යන දේ ගැන කියන්නම්.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපි 15 වැනිදා එනවා කොළඹට. සවස 2ට අපි බහිනවා පාරට. සියලු පක්ෂ භේදයකින් තොරව මේ විරෝධයට එක් වන ලෙස සියලු දෙනාට මම  ආරාධනා කරනවා. මේ රටේ ඔබ විඳින දුකට එරෙහිව පාරට බහින්න. සවස දෙකට කොළඹට එක්වෙන්න. ජනාධිපතිවරයාට පනිවිඩයක් දෙන්න.  දැන්වත් දඩබ්බර වැඩ අත්හරින්න. තමා තමයි හොඳටම කරේ කියන අදහසින් එලියට බහින්න.“

“දැන්වත් තමාටයි තමන්ගේ පවුලටයි තමයි පුළුවන් කියන අදහස අතහැරපල්ලා. දැන්වත් සර්වපාක්ෂික සමුළුවක් ගෙනල්ල රට කොහොමද කරන්නේ කියල කතා කරල කියාපල්ල. මිනිස්සුන්ට කන්න නෑ.  බෙහෙත් නෑ. යන්න නෑ ඉන්න නෑ. මොනව කරන්නද කියල හිතාගන්න බෑ. දැන්වත් සියල්ල විනාශ කරපු නායකා හැටියට ස්වයං විවේචනයක් කරගෙන සියලු දෙනා එකතු කරගෙන රට යන විදිහක් කතා කරපල්ලා.“

“අපි එදාට ජනාධිපතිවරයා ඉන්න තැනක් හොයාගෙන යනවා. අපි කියනවා එතුමට මාසයකින් පස්සේ අපි යලිත් එනවාමයි. අරාබි වසන්තයකට එහා වැඩකට යනවාමයි. අපිව අත්අඩංගුවට අරන් ගොන්පාට් දාන්නේ නැතිව ප්‍රශ්න විඳන්න කියල අපි ඉල්ලනවා.“

“අපිට සජිත් ඵ්‍රෙමදාස ජනාධිපති කිරීමේ පිස්සුවක් නෑ. අපි දැන් සැපද? ගෑස් පුපුරනකොට ගෑස් පිපිරුවාද? කොරෝනාවලින් පහලොස් දාහක් මැරුණද වගේ ඒවා ආණඩුවෙන් ඇහුවේ නෑ. අපිට ඕන මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ගන්න. අද සියල්ල විනාශ වෙලා ඉවරයි.“

මේ විරෝධතාවට එන අයට බාධා කිරීම් නවත්වන ලෙසද ඉල්ලා සිටි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා එදිනට බස් නැති වුවහොත් පයින් හෝ පැමිණිය හැකි වන පරිදි කටයුතු සංවිධානය වන බව ඔහු සඳහන් කර සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තව මාස හත අටකින් පෝලිම් නිමා කරනවා..  ජනපතිගේ සැලසුම  ගැන ඇමති ලොකුගේ කියයි…

Next Post

පකිස්ථානයේ දී ප්‍රියන්ත කුමාර  ඝාතන සැකකරුවන් 89කට අධි චෝදනා… නඩුව යළි හෙට කැඳවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.