සමගි ජන බලවේගය ලබන 15 වැනිදා පස්වරුවේ විශාල සෙනඟක් සමඟ කොළඹදී පාරට බසින බවත් රටේ පවතින බරපතල ප්‍රශ්න හමුවේ විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයාට මාසයක් කල් දීමේ ප්‍රජාතන්ත්‍රවාදී අනතුරු ඇඟවීමක් කරන බවත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු අද (13) පැවසීය.
ජනාධිපතිවරයා ඊට මාසයක් තුළ නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් අරාබි වසන්තයට එහා මේ අරගලය ගෙන යාම කිසිවකුට නැවැත්විය නොහැකි බව ද ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය.
“අද ඉරිදා… හෙට වැඩට යන්න ඕන. ළමයින්ට හෙට පාසල් යන්න ඕන. තෙල් නෑ. ගෑස් නෑ. පාසල් ගාස්තු වාහන ගාස්තු වැඩිවෙලා. ආහාර මිල ඉතා ඉහල ගිහිල්ලා. මේ පීඩනය හමුවේ අපි 15 වැනිදා කොළඹ කරන්න යන දේ ගැන කියන්නම්.“
“අපි 15 වැනිදා එනවා කොළඹට. සවස 2ට අපි බහිනවා පාරට. සියලු පක්ෂ භේදයකින් තොරව මේ විරෝධයට එක් වන ලෙස සියලු දෙනාට මම ආරාධනා කරනවා. මේ රටේ ඔබ විඳින දුකට එරෙහිව පාරට බහින්න. සවස දෙකට කොළඹට එක්වෙන්න. ජනාධිපතිවරයාට පනිවිඩයක් දෙන්න. දැන්වත් දඩබ්බර වැඩ අත්හරින්න. තමා තමයි හොඳටම කරේ කියන අදහසින් එලියට බහින්න.“
“දැන්වත් තමාටයි තමන්ගේ පවුලටයි තමයි පුළුවන් කියන අදහස අතහැරපල්ලා. දැන්වත් සර්වපාක්ෂික සමුළුවක් ගෙනල්ල රට කොහොමද කරන්නේ කියල කතා කරල කියාපල්ල. මිනිස්සුන්ට කන්න නෑ. බෙහෙත් නෑ. යන්න නෑ ඉන්න නෑ. මොනව කරන්නද කියල හිතාගන්න බෑ. දැන්වත් සියල්ල විනාශ කරපු නායකා හැටියට ස්වයං විවේචනයක් කරගෙන සියලු දෙනා එකතු කරගෙන රට යන විදිහක් කතා කරපල්ලා.“
“අපි එදාට ජනාධිපතිවරයා ඉන්න තැනක් හොයාගෙන යනවා. අපි කියනවා එතුමට මාසයකින් පස්සේ අපි යලිත් එනවාමයි. අරාබි වසන්තයකට එහා වැඩකට යනවාමයි. අපිව අත්අඩංගුවට අරන් ගොන්පාට් දාන්නේ නැතිව ප්‍රශ්න විඳන්න කියල අපි ඉල්ලනවා.“
“අපිට සජිත් ඵ්‍රෙමදාස ජනාධිපති කිරීමේ පිස්සුවක් නෑ. අපි දැන් සැපද? ගෑස් පුපුරනකොට ගෑස් පිපිරුවාද? කොරෝනාවලින් පහලොස් දාහක් මැරුණද වගේ ඒවා ආණඩුවෙන් ඇහුවේ නෑ. අපිට ඕන මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ගන්න. අද සියල්ල විනාශ වෙලා ඉවරයි.“
මේ විරෝධතාවට එන අයට බාධා කිරීම් නවත්වන ලෙසද ඉල්ලා සිටි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා එදිනට බස් නැති වුවහොත් පයින් හෝ පැමිණිය හැකි වන පරිදි කටයුතු සංවිධානය වන බව ඔහු සඳහන් කර සිටියේය.