මුවදොර පිටියේ පැවැත්වුණු අරගලය අතරතුරේදී අත්පත් කර ගත් ජනාධිපති මන්දිරයට සිදු වූ අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 364.8ක් වැයවන බවට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇස්තමේන්තු ගත කර ඇත.
මෙම වියදම්වලට ගොඩනැඟිල්ලේ අලුත්වැඩියා ද අයත්ව ඇතත් හානියට පත් ලීබඩු, ඓතිහාසික චිත්‍ර, ශාරීරික යෝග්‍යතා මද්‍යස්ථානයේ භාණ්ඩ හා වාහන ඇතුළත්ව නැති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
මෙම අලුත්වැඩියා කටයුතු සඳහා මහජන මුදල් යෙදවීමට සිදුවෙන බව ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කර තිබේ.
ඉංජිනේරු සංස්ථාව සඳහන් කරන අන්දමට අලුත්වැඩියා කටයුතු අදියර දෙකක් යටතේ සිදුකෙරන අතර පළමු අදියරේදී ප්‍රතිසංස්කරණ කටයුතු, රාජ්‍ය කටයුතු හා අනෙකුත් විශේෂ සිදුවීම් සිදුකෙරෙන අතර දෙවැනි අදියරේදී කාර්යාල කාමර හා ජීවත්වන ප්‍රදේශ අලුත්වැඩියා කෙරෙනු ඇත.







