අරගල භූමියේදී වෙඩි වැදී තුවාල වී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කල පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකුගේ තත්තවය ඉතා බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.
හිසට එල්ල වූ වෙඩි පහරක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ මාතර ප්‍රදේශයේ වයස අවුරුදු 56ක පුද්ගලයෙකු වන මොහු ගේ ජීවිතය බේරා ගැනීම සදහා වෛද්‍යවරුන් සැත්කම් දෙකක සිදු කල බවද හෙතෙම පැවසීය..
මෙම පුද්ගලයා මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඇත.
අද දින පැවති විරෝධතාවයේ දී තුවාල ලැබු පුද්ගලයින් 55 දෙනෙකුම රෝහල් ගත කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපත නොවන බවද සඳහන්වේ.







