අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විරෝධතාකරුවන් ජනපති මන්දිරයේ තිබී හමුවී පොලිසියට දුන් රුපියල් කෝටි ගණනට දේශබන්දුගෙන් බලපෑම්…

පොලිසිය ඇතුළෙන්ම විරෝධයක්... පොලිස් ඇමතිට බාර දෙන්නැයි කී දේශබන්දුගේ නියෝගය පොලිස් පොත්වල සටහන් වෙයි....

by editor
ජූලි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති මන්දිරයේ සුරක්ෂිතව තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක්   එම මන්දිරයේ ගත කරන විරෝධතා කරුවන් පිරිසක් විසින් සොයාගෙන ඊයේ (09) සවස පොලිසියට භාර දුන් පසු එම මුදල වහාම පොලිසිය භාර ඇමතිවරයා ලෙස භාර දෙන ලෙස කොටුව පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ වෙත බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කළ බලපෑමක් පිළිබඳ පොලිස් වාර්තාවල සටහන් වී තිබේ.

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.

විරෝධතාවයේ නියුතු තරුණයින් විසින් ජනාධිපති මන්දිරයේ කාමරයක තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් සොයා ගෙන තිබිණි.

බැංකු සටන් සමග  එම මුදල තිබී ඇත්තේ  අලුත්ම මුදල් නෝට්ටු ලෙසය. එම මුදල සොයා ගත් වහාම එම තරුණයන්  ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව භාරව සිටින විශේෂ කාර්ය බලකායේ  පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දුට දන්වා ඔහුට එම මුදල භාර දී තිබේ.

එහෙත් පොලිස් අධිකාරීවරයා එය තමන් භාර ගැනීම නොව වඩාත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට එය පොලිස් භාරයට පත් කළ යුතු බව එම තරුණයින්ට දන්වා කොටුව පොලිස්  ස්ථානාධිපති සාගර ලියනගේට මේ බව දන්වා තිබේ.

සාගර ලියනගේ පොලිස් කණ්ඩායමක් සමග පැමිණ එම මුදල භාර ගෙන මුදල තිබූ ස්ථානය හා එම මුදල් ප්‍රමාණය වීඩියෝ ගත කර භාරගෙන  අනතුරුව එම ස්ථානයේ රැඳී සිටි තරුණයින් පස් දෙනෙකුගෙන් සාක්ෂිත්  සටහන් කරගෙන පොලිස් සථානයට පැමිණීමෙන් පසු සියලු තොරතුරු පොත්පත්වල සටහන් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉදිරි නෛතික කටයුතු සඳහා සූදානම් වෙමින් සිටිය දී ඊයේ රාත්‍රියේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේට දුරකථනයෙන් අමතා ඇත. ඒ වනතුරු   දුරකථනය විසන්ධි කරගෙන සිටි බවට වාර්තා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සාගර ලියනගේ අමතා ඔහුට තදින් දෝෂාරෝපණය කර මෙම මුදල පොත් පත්වල සටහන් කළේ කුමක් නිසා දැයි ප්‍රශ්න කර තිබේ.

අනතුරුව ඉරිදා (10) උදෑසන වනවිට මුදල පොලිසිය භාර ඇමතිවරයාගේ නිවසේ තිබිය යුතු බවට ඔහු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත  දන්වා ඇත.

එය කළ නොහැකි බවත් නීත්‍යානුකූල නොවන බවත් පැහැදිලි කිරීමට ගිය කොටුව ස්ථානාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ තමන්ට මේ පැහැදිලි කිරීම් අනවශ්‍ය බවය.

මේ අවස්ථාවේ දී කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීත්වය දරන නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතා තිබේ. ඒ හරහා සිද්ධිය පිළිබඳ පොලිස්පතිවරයා දැනුම්වත් කර ඇත.

ඒ අනුව පොලිස්පතිවරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ  කිසිම අනීතික කටයුත්තක් නොකරන ලෙසය. නීතිය ක්‍රියාත්මක කරන ලෙසය  ඕනෑම උපදෙසක් අවශ්‍ය නම් පොලිස්පතිවරයා විමසන ලෙසය.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකළ බලපෑම සම්බන්ධව  සටහනක් තබන ලෙස ද පොලිස්පතිවරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මේ අතර මේ වනවිට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති පොලිසය තුළ  “සුදු පුතා“  ලෙස ප්‍රසිද්ධියක් උසුලන හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා  පවසා ඇත්තේ දුරදිග නොගොස් මේ මුදල “සුගීෂ්වර“ වෙත ලබා දෙන ලෙසය.“ සුගීෂ්වර“ අවශ්‍ය කටයුතු කරනු ඇතැයි ද දන්වා තිබේ.

පොලිස්පතිවරයාගේ සමීපතමයෙක් ලෙස පෙනී සිටින මෙම පොලිස් නිලධාරියා එම  ඇමතුම   ලබා දී ඇත්තේ පොලිස්පතිවරයාගේ අනුදැනුමකින් තොරව බව පසුව කළ සොයා බැලීමක දී හෙළි වී ඇත.

එම අවස්ථාවේ දී කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම මුදල තමන් භාර දෙන්නේ කිසිවෙකුටවත් නොව උසාවියට බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති මන්දිරය අසල දී වෙඩි වැදුණු පුද්ගලයෙකුට අසාධ්‍යයයි… සැත්කම් දෙකක් කරයි…

Next Post

අගමැති නිවසට ගිනි තැබූ මැරයින් 03ක් පොලිස් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.