රංගන ක්ෂේත්රයේ සිටි තමන්ගේ සහෝදර රංගන ශිල්පියෙක් වූ රන්ජන් රාමනායකට කලාවේ නාමයෙන් සමාව දෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රිනී ගීතා කුමාරසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී කීවාය.
ඇය එම ඉල්ලීම කරන්නේ කිසිම පක්ෂ භේදයකින් තොවර බව දැය ප්රකාශ කළාය.
“ එදා විජය කුමාරතුංගට නැට්සලයිට් වාදියෙක් කරලා සිරගත කළා. මා ඉතා ලාබාල අවධියේ සිටියත් තිස්ස අබේසේකර සහ චන්ද්රිකා මැතිණිය එක්ක මා ඔවුන් සමග හිටියා. මා එදා දේශපාලන පලිගැනීමට ලක් වුණු කලාකරුවෙකුගේ වේදනාව දැක්කා. සිර ගෙදර දාලා ඔහුට දුන්න ගැහැට දැක්කා.
අවසානයේ ඔහුට කවදාවත් පාර්ලිමේන්තුවෙ පස් පාගන්න දුන්නේ නෑ. ඒ සියලු දේ කළේ අසාධාරණ විදිහට ඔහුව නැති කරන අදහසින්මයි. අවසානයේ දී ඔහුට ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා.
එහෙම වෙන්න එක හේතුවක් තමයි දේශපාලන පිලිගැනීම්. මේ පළිගැනීම්වල අවසානයක් දකින්න ලැබෙන්නෙ නෑ. දේශපාලනය මාරුවෙනකොට පළිගැනීම් සිද්ධ වෙනවා. එහෙම පළිගැනීම් කරන අයට අපේ ඇස් පනාපිට දඬුවම් විඳින්න ලැබෙනවා.
මේ රටේ වැඩිම චන්දබලයක් තියන කාන්තාව මම. මම කවාදවත් හිතුවෙ නෑ කෝටිපතියෙක් වෙන්න. ඒත් කාන්තාවක් විදිහට මම මෙතෙන්ට ආවෙ අනන්ත වද වේදනාවලට මුහුණ දීලා.
අවසාන වශයෙන් මම එක දෙයක් කිව යතුමයි. මේක කියන්නෙ දේශපාලන පක්ෂ භේදයකින් නොවෙයි. මගේ රංගන ක්ෂේත්රයේ හිටිය රංගන සහාය ශිල්පියා… රන්ජන් රාමනායක හිටපු මන්ත්රී තුමා ගැන මා කතා කරන්න ඕන. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පුලුවන්නම් ඒ කලා කරුවාට කලා කරුවාට කලාවේ නාමයෙන් සමාව දෙන්න කියලා.







