කීර්ති ප්‍රනාන්දු –
ගෑස් සීනී තෙල් සේම ඉදිරියේ දී විදුලි හිඟයක් එන බවත් බොහෝ විට ලබන ජනවාරි වනවිට විදුලි කප්පාදුවකට යෑමට රජයට සිදුවන බවත් විදුලි වෘත්තීය සමිති අනතුරු අඟවයි.
මේ වනවිට උපරිම ධාරිතාවයෙන් යුතුව ජල විදුලිය ක්‍රියාත්මක වන නිසා ගල් අඟුරු විදුලි උත්පාදනය ප්‍රධාන වන්නේ නැති නමුත් ලබන දෙසැම්බර් වනවිට පැමිණෙන වියලි කාලගුණ තත්වය සමග ජල විදුලිය නිශ්පාදනය ඇනහිටින විට මේ අර්බුදය පැන නගින බවත් එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මෙහිදී අපකළ විමසුමකට පිළිතුරු දුන් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසුවේ දැනට පවතින ඩොලර් හිඟය හේතුවෙන් ගල් අඟුරු මිලදී ගැනීමේ අර්බුදයක් ඇතිව තිබෙන බවය.
අදාල සැපයුම් සම්බන්ධව ගැටලු නිර්මාණය වෙමින් ඇති වෙමින් තිබෙන පරිසරයක ජල විදුලිය නිශ්පාදනය කරගැනීමට නොහැකි වියලි කාලගුණයක් සහිත දෙසැම්බර් අග සිට ජනවාරි පෙබරවාරි කාල වකවානුවේ දී විදුලි කප්පාදුවකට යෑමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධව විදුලි බලමණ්ඩලයේ ප්‍රධාන පෙළේ වෘත්තිකයන් ද පුරෝකථනයක යෙදී ඇති බව වැඩිදුරටත් ඔහු කීවේය.







