සියලුම වැඩකරන ජනතාවට සහභාගීවන ලෙස ආරාධනා කරමින් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කැඳවා ඇති එක්දින වැඩවර්ජනය සහ හර්තාලය ක්‍රියාත්මකය.
සියලුම ප්‍රවාහන අංශ, විදුලි සේවකයින්, ගුවන්තොටුපල, සෞඛ්‍ය අංශ, හර්තාලයට එක් වී සිටිති. වරායට නිවාඩු දී ඇත.
මේ ඔබ දකින්නේ කොළඹ පාලුවට ගොස් ඇති ආකාරයය. මේ උදේට ජනාකීර්ණවන පිටකොටුවය. රටේම හැටි එසේය.
මේ රටේ දූෂිත පාලනය පන්නා දමන්නට රාජ්‍ය අංශය පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්රය කැඳවූ වැඩවර්ජනය සහ හර්තාල් ව්‍යාපාරයට හර්තාලයට එක්වන ලෙස වෙළෙඳ සංගම්, සුපිරි වෙළෙඳසල් ජාලා ඇති සමාගම්වලින්, ලොතරැයි නියෝජිතයින්ගෙන්, නගරවල කුඩා වෙළෙඳසල් කරන සියලු දෙනාගෙන් කළ ඉල්ලීම සාර්ථක වී තිබේ.
ඉතිහාසයේ මුල්ම වරට දූෂිත පාලනයකට රටේ බහුතර ජන මතය දැවැන්ත දේශපාලන පෙළගැස්මක් ලෙස එක්වෙමින් ඇති අයුරු දක්නට ඇත..







