බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ උතුරේ සංචාර ගැන ඉලංකෙයි අරසු කච්චි පක්ෂය සැකයෙන්…

by editor
ජනවාරි 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • ජනපති උතුරේ සංචාරය කරමින් බිලියන ගණන් සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්නේ ඉලංකෙයි අරසු කච්චි පක්ෂය දෙකඩ කරන්නලු

ජනාධිපතිවරයා නිතර නිතර උතුරේ සංචාරය කරමින් අධික මුදල් ප්‍රමාණයක් විවිධ සංවර්ධන කටයුතු පිණිස ලබා දෙන්නේ උතුරේ ප්‍රබලතම දෙමළ දේශපාලන පක්ෂයවන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය දෙකඩ කරවීමට බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක සී.වී.කේ.ශිවඥානම්  ඊයේ  (19 )  යාපනයේදී පැවසීය.

යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු   කියා සිටියේ ජනාධිපතිවරයා හා මාලිමා රජය මේ අවස්ථාවේදී තම පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු ඔවුන් වෙත අවනත කරවා ගැනීමට   දැඩි වෙහෙසක් දරණ බවයි.

ඔවුන්ට තමන් කීප වරක්ම මේ ඉදිරි අවදානම පිළිබදව අනතුරු අඟවා ඇති නිසා ඒ දෙදෙනා රජයට අවනත නොවන බව තමන්ට විශ්වාස බව කියා සිටි පක්ෂයේ නියෝජ්‍ය නායකයා  ජනාධිපතිවරයා බහුතර බලයකින් බලයට පත් වූ දකුණු පළාතට ලබා නොදෙන සංවර්ධන කටයුතු උතුරේ ජනතාවට බිලියන ගණනින් ලබා දෙන විට ඒ ගැන දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයිද කියා සිටියේය.

ජනාධිපතිවරයා උතුරට පැමිණෙන සෑම අවස්ථාවකදීම තම පක්ෂයේ අභ්‍යන්තර කටයුතු ගැන දැඩිව සොයා බලන බවත් මේ කාර්යය සඳහා වෙනත් දෙමළ දේශපාලන  පක්ෂවල සහය ඔහු ලබා ගන්නා බවත් කී ශිවඥානම්  ජනාධිපතිවරයාට එලෙස කටයුතු කිරීමට කිසිදු සදාචාර අයිතියක් නොමති බවද අවධාරණය කළේය.

උතුරට පැමිණෙන ජනාධිපතිවරයා ජනතාවට රුපියල් බිලියන ගණනින් සංවර්ධන  කටයුතු සඳහා ආධාර සපයන බව ප්‍රකාශ කළද ජනතාවට මේ දක්වා කිසිදු සහනයක් ලැබී නොමැති බවත් විශාල පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නොහැකි තත්ත්වයක ජනාධිපතිවරයා හා රජය සිටින බවත් ඔහු මෙහිදී උදාහරණ සහිතව විස්තර කළේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

මේ වන විට උතුරේ  වර්ධනය වෙමින් පවතින  ඉඩම් කොල්ලය ජනතාව යළි පදිංචි කරවිමේ ගැටලු වැනි ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම වෙනුවට තම පක්ෂය ගැන සොයා බැලීමේ කටයුතු වහාම නතර කරණ ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව කී හෙතෙම ජනාධිපතිවරයාගේ මේ චිත්‍රපට පෙන්වීම නතර කළ යුතුව ඇතැයිද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු පළාතේ පාසල් 200ක් තුළ දියත්වුන  සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය ඉතා සාර්ථකයි… පළාත් අධ්‍යාපන ලේකම් කියයි!

Next Post

2016-01-01 දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරීන්ට දායක විශ්‍රාම වැටුප වෙනුවට නිශ්චිත විශ්‍රාම වැටුපක් හිමි වෙයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.