බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලය නීති විරෝධී නම් ජනපති රනිල්ගේ ජනාධිපතිකමත් නීති විරෝධී වෙන හැටි!

by editor
අගෝස්තු 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනපති රනිල් වික්‍රමසිංහ පවසන ආකාරයට  අරගලය පැවැත්වූ ආකාරය නීති විරෝධී නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ ආකාරයත් නීති විරෝධී බව   ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික, නීතීඥ උපුල් කුමරප්පෙරුම  පවසයි…

උපුල් කුමරප්පෙරුම

ඔහු මේ බව ප්‍රකාශ කළේ  පාර්ලිමේන්තුව විසුරුවන ලෙසත් නව ජනවරමකට ඉඩදෙන ලෙසත් ආණ්ඩුවට බල කරමින්  දැවැන්ත ජන සහභාගීත්වයකින් යුතුව අද නුගේගොඩ  ආනන්ද සමරකෝන් එළිමහන් රංගභූමියේදී පැවැත්වූ   අරගලයේ ජන බලය ජන රැළිය අමතමිනි.

මෙම රැලිය සඳහා ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයත්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, වෛද්‍යවරු, නීතීඥයින්, ආචාර්ය මහාචාරුයවරු ඇතුළු විශාල වෘත්තික පිරිසකුත් එක් වී සිටියහ.

 

මෙම ජන රැළිය අමතමින් නීතිඥ උපුල් කුමරප්පෙරුම මෙසේද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“රනිල් වික්‍රමසිංහ මේ වනවිට මර්දනය ආරම්භ කර තිබෙන්නේ අප්‍රේල් 09 වෙනිදා සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වීම දක්වා සිදු වූ ක්‍රියාවලියට නායකත්වය දීපු තරුණයන්ට එරෙහිව. එතකොට රනිල් වික්‍රමසිංහ කියනවානම් අගමැතිවරයා ඉවත් කරන්න අරගල භූමිය හැසිරිච්ච ආකාරය වැරදියි කියලා, එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න අරගල භූමිය හැසිරිච්ච විදිහ නීතිවිරෝධියි නම් එතනින් එහාට සිදුවෙච්ච හැමදේම නීතිවි රෝධියි.

ගෝටාබය රාජපක්ෂ ඉවත් වීමත් නීති විරෝධියි. ගෝටාබය රාජපක්ෂගේ ඉවත්වීම නීතිවිරෝධියිනම් රනිල් වික්‍රමසිංහගේ පත්වීමත් නීතිවිරෝධියි. මොකද ගෝටාබය රාජපක්ෂ පිටරටකට ගිහිල්ලා, පලා ගිය පුද්ගලයෙක් මේ රටේ ජනතාවගේ බලපෑමක් මත ඉල්ලා අස්වීමේ ලිපියක් ලබා දුන්නනම් අපිට නීතියෙන් තර්ක කරන්න පුළුවන් කාරණයක් තමයි ඒ ඉල්ලා අස්වීම නීතිවිරෝධියි කියලා.

ඒ ඉල්ලා අස්වීම නීති විරෝධියි නම් එතනින් එහාට සිදුවන සියලුම දේවල් නීතිවිරෝධී බවට පත්වෙනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ පත්වීමත් නීතිවිරෝධියි. මේ ආකාරයට දිනේෂ් ගුණවර්ධනගේ අගමැති පත්වීමත් නීති විරෝධියි. කැබිනට් මණ්ඩලයත් නීති විරෝධියි. අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීමත් නීති විරෝධියි…”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනපති නිවසට සහ වටපිටාවට ආරක්ෂාව දැඩි වේ….

Next Post

අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා නියමිත මිලට වඩා දස ගුණයක් ගෙවූ හැටි විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.