මිරිහානේ පිහිටි හිටපු ජනාධිපතිවරායාගේ පෞද්ගලික නිවසට සහ අවට ප්‍රදේශයට දැඩි ආක්ෂාවක් අද (20) දිනයේ සිට යොදවා ඇත.
හිටපු ජනාධිපතිවරයා ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙන බව ඔහුගේ සොයුරෙක් මෙන්ම හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
මේ අතර 18 දා සවස ජනපති රනිල් වික්‍රමසිංහ හමුවූ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රබලයෝ ගෝඨාභය රාජපක්ෂට රටට පැමිණීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන්නැයි ඉල්ලා සිටියහ.
දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට හැකි වුවත් ගෝඨාභය රාජපක්ෂට තමන් ලැගුම්ගෙන සිටින හෝටල් කාමර පරිශ්‍රයෙන් පිටවී නොයන ලෙස තායිලන්ත රජය දැනුම් දී තිබිණි.
එබැන් ජන අරගලය මැද මාලදිවයිනට පලා ගිය හිටපු ජනාධිපතිවරයා අනතුරුව සිංගප්පූරුවටත් එතැනින් තායිලන්තයටත් ගමන් කළේය.