ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීම සම්බන්ධ සිද්ධියට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ විපක්ෂ නායකවරයාගේ සොයුරිය වූ දුලාංජලී ප්‍රේමදාස යන දෙදනොගෙන්ම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයතු කළේය.
පුරා පැය 06 බැගින් මෙම දෙදෙනාගෙන්ම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය දා නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ දුලාංජලී ප්‍රේමදාස සිටියාය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යයට කීවේ රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීම සම්බන්ධ සිදුවීම ප්‍රශ්න කළ බවත්, ජනාධිපතිවරයා සිය කටඋත්තරයේ තමන්ගේ නම සඳහන් කිරීම හේතුවෙන් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණ බවත්ය.
“ නිවසට ගිනි තබපු අය පැත්ත පළාතක ගෙන්වලා නෑ. මේ ගේන්නෙ අපි වගේ ඊට කලින් ඉඳන් අරගලයේ හිටපු අයව. මම රනිල් මහත්තයට කියන්නෙ ඔය වැරදි තැනට තට්ටු කරන්නෙ. ඒ ගිනිතැබීම සම්බන්ධ පුද්ගලයින් තාම එළියෙ ඉන්නේ. ඒ ගැන හොයා බලන්න. අපි තමයි අරගල කරලා ඔබට ජයග්‍රහණය ලබා දුන්නේ. අපට ඕන උනේ නෑ රනිල්ව පත් කරන්න. හැබැයි එහෙම වුනා.“