ලලිත් චාමින්ද –
ඒකකයක් රුපියල් 481කට මිලදි ගැනිමට හැකිව තිබු අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධයක් වන Meropenem 1g එන්නත රජයේ රෝහල් විසින් 2021 වර්ෂයේ දි ඒකකයක් රුපියල් 1956 හා 4697ත් අතර වු විවිධ මිල ගණන් යටතේ රුපියල් මිලියන 49.52ක් වැයකර දේශිය වෙළදපොළෙන් මිලදිගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
මෙම ඖෂධය මිලදී ගැනිම සඳහා 2020 වර්ෂයේ පෙබරවාරි 06 වැනිදින නිකුත්කොට තිබු ඇණවුමෙහි ප්‍රසම්පාදන කටයුතු සිදුකිරිමේ දි නිවැරදි තිරණ නොගැනීම හා නිසි පරිදි සැලසුම් නොකිරිම හේතුවෙන් මෙම ඖෂධ තොගය ලැබීමට ආසන්න වශයෙන් වර්ෂ 02 කාලයක් ගතවී තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙකී ප්‍රමාදය හේතුවෙන් රජයේ රෝහල් මගින් ඉහළ මිලක් ගෙවා මෙම ඖෂධය මිලදී ගැනීමට සිදුවි තිබුණි. මෙකි ඖෂධය ඇණවුම් කිරිමේ ප්‍රසම්පාදන කටයුතු සඳහා මාස 20 ක කාලයක් ගතකර තෝරාගෙන තිබු ලංසුකරු නව සැපයුම්කරුවකුවිම නිසා ටෙන්ඩර් ප්‍රදානය කොට ඇත්තේ අවශ්‍ය ඖෂධ තොගයෙන් සියයට 50ක් සඳහාය.
ඉතිරි සියයට 50 ටෙන්ඩරය ප්‍රදානය කිරිම සඳහා තවත් මාස 04ක කාලයක් ගතකර තිබුණි. එමෙන්ම 2022 වර්ෂය සදහා 2021 පෙබරවාරි මස 23 වැනිදින මෙකි ඖෂධය සඳහා නිකුත්කර තිබු ඇණවුමද ඇගයිම් මට්ටමේ පැවතුණි.
මේ හේතු නිසා මෙකී ඖෂධය 2022 අප්‍රෙල් මස 22 වනදින වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ හා රජයේ රෝහල් සඳහා ප්‍රමාණවත්ව තොග තිබි ඇත්තේ මාසයකටත් අඩුකාලයකට පමණක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.