ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයට එක්වූ අතර එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක් විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙම සංචාරයට එක් වූහ.








