විරෝධතාකරුවන් ඊයේ ජනාධිපතිවරයාගේ නිවසට ඇතුළු වීමට මොහොතකට පෙර ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන නිකුත් වී තිබේ. නිවුස් වයර් වෙබ් අඩවිය සිය ට්විටර් ගිනුම ඔස්සේ එම දර්ශන පල කර තිබිණි.
Video footage has emerged of Sri Lanka security forces shooting moments before protesters entered the President's house yesterday pic.twitter.com/eMMgRWyPZK
— NewsWire 🇱🇰 (@NewsWireLK) July 10, 2022
වෙඩි තැබීමෙන් පුද්ගලයින් 3 දෙනෙක් තුවාල ලබා දැඩි සත්කාර ඒකකටය ඇතුළු කරනු ලැබුවේය.
ඉන් එක් පුද්ගලයෙක් හිසට එල්ල වූ වෙඩි පහරක් හේතුවෙන් බරපතල තුවාල සහිතව ඉතාම අසාධ්‍ය මට්ටමින් පසුවූයේය.
ඔහු මාතර ප්‍රදේශයේ වයස අවුරුදු 56ක පුද්ගලයෙකි. මොහු ගේ ජීවිතය බේරා ගැනීම සදහා වෛද්‍යවරුන් සැත්කම් දෙකක සිදු කල බව රෝහල් ආරංචි මාර්ග කීවේය.







