රටේ පවතින තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපතිවරයා විසින් අද (01) කැඳවනු ලැබ ඇත.
ඊයේ හටගත් රජයට විරෝධය දැක්වීමේ සිදුවීම සහ මේ වනවිට රට පුරා නිර්මාණය වෙමින් පවතින විරෝධතා උද්ඝෝෂණ රැල්ල මත ඇතිවන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බව සඳහන් වේ.
ජනාධිපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන්ට අමතරව අමාත්‍යවරුන් කිහිප දෙනකුද මෙම රැස්විමට කැඳවා ඇති බව සඳහන් වේ.